උබුන්ටු පරදා ඉස්සරහට එන ලිනක්ස් ඩිස්ට්‍රෝ – Saru News Media

0
18

ඩෙස්ක්​ටොප් හෝ ලැප්ටොප් කම්පියුටර්වල ඕ එස් දානවා කියන්නේ ගොඩ දෙනෙක්ට අලුත් දෙයක් ​නෙමෙයි. අපිටත් වින්ඩෝස් නම් 7 තිබුනා, 8 තිබුනා දැන් දහයත් ඇවිත් සෑහෙන කලක් වෙනවා. හැබැයි ඉතින් වින්ඩෝස් හොරට දාන එක වාතයක්. ලිනක්ස් කියන්නේ ගොඩක් වෙලාවට නිකම්ම ලැබෙන ඕ එස් එකක්. ලිනක්ස් වල මෙතෙක් කල් තිබුන උබන්ටු ඕ ​එස් එක දැන් ටිකක් පල්ලම් බැහැලා. ඒ වෙනුවට අලුත් ඩිස්ට්‍රෝ ඇවිල්ලා තියෙනවා.

 

ලිනක්ස් කියන්නේ වින්ඩෝස් වගේ ඒකීය දෙයක් නෙමෙයි. විවිධ අවශ්‍යතාවයන්ට හදාපු ලිනක්ස් සංස්කරණ ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ පොදුවේ ලිනක්ස් මූලික කර​ගෙන හදපු ලිනක්ස් ඕ ​එස් බර ගාණක් තියෙනවා. උබන්ටු, ෆෙඩෝරා, ලිනක්ස් මින්ට්, ඩේබියන් ආදී සිතාගන්නටත් බැරි තරම් ලිනක්ස් සංස්කරණ ප්‍රමාණයක් ලිනක්ස් වල තියෙනවා. ඉතින් ලිනක්ස් පාවිච්චි කරන උදවිය තමුන් ආස කරන ස​හ තමුන්ට වඩාත් ගැලපෙන ඩිස්ට්‍රෝ එක තෝරලා පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා.

 

ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් කියන්නේ අපි ගෙදර දොරේ පාවිච්චියට ගන්න පරිගණක මාදිලි. මේ ඩෙස්ක්ටොප් ස​හ ලැප්ටොප් වලට පහුගිය දශකයේ ආපු ජනප්‍රියම ඕ එස් එක තමයි උබන්ටු. උබන්ටු වලට කැනොනිකල් සමාගමේ සහයෝගය ලැබීමත් එක්ක උබන්ටු ශක්තිමත් ස්ථායී මෙහෙයුම් පද්ධතියක් බවට පත් වුනා. උබන්ටු ඇතු​ළත් ක​ළ ලැප්ටොප් ඩෙල්, ඒසර් වගේ නම් වලින් ලංකාවේ වෙළ​ඳපොලටත් ආවා. උබුන්ටු මාස හයෙන් හයට අලුත් ඕ ​එස් එකක් ආවා. ඒත් මේ ​ළ​ඟක ඉ​ඳන් උබුන්ටු එයාලගේ ඕ ​එස් එකට දෙන සපෝට් එක ටිකක් අඩු කරගෙන යනවා. අලුතින් ආපු වර්​ෂන් වල තියෙන වැරදි හදන්න ෆෝරම් එකට සහයෝගය දක්වන්න දැන් උබන්ටු වැඩිමනක් උත්සාහයක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ එක්කම උබුන්ටු වල රෙපොසිටරි සපෝට් වලත් කචල් තියෙනවාලු. ඒත් උබුන්ටුම පාවිච්චි කරන ලොකු පිරිසක් තවමත් ඉන්නවා.

 

ලිනක්ස් මින්ට් කියන්නේ ඩේබියන් සහ උබුන්ටු මූලික කරගෙන හදපු ඕ ​එස් එකක්. පරණ මාදිලියේ වින්ඩෝස් පරිගණකවල පෙනුම තියෙන මේට් කියන ඩෙස්ක්ටොප් පසුබිම තමයි ලිනක්ස් මින්ට් වල තියෙන්නේ. ලිනක්ස් මින්ට් උබුන්ටු පැකේජ වලට වගේම ඩේබියන් පැකේජ වලටත් සහයෝගය දක්වනවා . ඒ නිසා උබුන්ටු වලටත් වඩා වැඩි මෘදුකාංග සහ ප්ලගින් ලිනක්ස් මින්ට් පාවිච්චි කරන අයට ලබාගන්න පුළුවන්කම තියෙනවා.

 

වින්ඩෝස් වල නම් එදා ඉ​ඳලාම අපිට වී එල් සී ප්ලේයර් එක, ඔෆිස් පැකේජ් එක වාගේ ඇප්ලිකේශන් එකක් දාගන්න ඕනි වුනාම අපි කරන්නේ ගන්න ෆයිල් එක ඩබල් ක්ලික් කරන එක. ඒත් ලිනක්ස් ඊට වෙනස්. අපි ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් ෆෝන් එකට ඇප්ස්ටෝර් එකෙන් ඇප් එකක්, ප්ලගින් එකක් දාගන්නේ කොහොමද? ආන්න ඒ විදියට තමයි ගොඩක් ලිනක්ස් සංස්කරණ වල මෘදුකාංග, ඩ්‍රයිවර්ස් සහ ප්ලගින් දාගන්න තියෙන්නේ. ඒ ක්‍රමයේදී වඩාත් විශ්වසනීය මූලයකින් මෘදුකාංග සහ ප්ලගින් ආදිය ලබාගන්නා නිසා පරිගණක යන්ත්‍රය වඩාත් ආරක්ෂිත වෙනවා. ඉතින් එක එක ඩිස්ට්‍රෝ ගත්තාම මේ පැකේජ් ඇතුලත් රිපොසිටරි වෙනස් වෙනවා. උදාහරණයකට ෆෙඩෝරා වලදි පැකේජ් ලෙස ලබාගන්න හැකිවන්නේ ඕපන් සෝස් මෘදුකාංග විතරයි. ඒත් මින්ට් සහ උබුන්ටු වලදී මෘදුකාංග කේත විවෘත නැති පැකේජුත් රෙපොසිටරි එක හෙවත් ස්ටෝර් එකෙන් අපිට ඇතුලත් කරගන්න පුළුවන් කම තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here