අනුන්ට තියෙන දේවල් ගැන හිතලා තමන් දුක් වෙන්න එපා – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

අයිතියක් නැතත් අයිති කර  ගන්න හිතෙන හීන කොච්චර නම් තියෙනවද? සමහර දේවල් අපට අපේම කර ගන්න බැරි වෙන වෙලාවල්වලදී තවත් කෙනෙක් ඒ දේවල්වලට අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඒක ඒ මිනිස්සුන්ගේ වාසනාව නිසා ලැබෙන දෙයක් වෙන්න ඇති. හැබැයි කවදාවත් තමන්ට නොලැබෙන අනුන්ට ලැබෙන දේවල් ගැන හිතලා දුක්වෙන්නවත් තව කෙනෙක්ට ඊර්ෂ්‍යාකම් කරන්නවත් යන්න එපා. ඒ වෙනුවට තමන්ට තිබෙන දේවල් ගැන සිතන්න. ඔබට තිබෙන ගොඩක් දේවල් ඒ මනුස්සයට නැතුව ඇති. එහෙම නැතුව ඒකට පිළියම ඔබ ඒ කෙනාට ඊර්ෂයාකම් කරන එක නෙමයි.

අනුන්ට දෙයක් ලැබෙනකොට ඒ ගැන හිතලා අවංකව සතුටුවෙන්න. නමුත් අවාසනාවකට එහෙම වෙන්නේ හරිම කලාතුරකින්. තමන්ට නොලැබෙන අනුන්ට හිමි වෙන දෙයක් තිබුණොත් එතන තියෙන්නෙම ඊර්ෂාවයි කුහකකමයි විතරමයි. මේ කැත පුරුද්ද අපට ආවේ පුංචි කාලේ ඉදන්මයි. ඉස්කෝලේ යද්දී ළග ඉන්න කෙනාට වඩා එක ලකුණක් හරි ගන්න තමයි ඔබ හිතුවේ. බැරි වෙලාත් යාළුවෙක් ඔබට වඩා ලකුණක් හරි වැඩිපුර ගත්තොත් ඔබට ආවේ පුදුමාකාර වෛරයක්, පුදුමාකාර ඊර්ෂ්‍යාවක්.

අල්පු ගෙදර කෙල්ලට හොද කොල්ලෙක් සෙට් වෙලා නම් මෙහා ගෙදර අම්මටයි දූටයි ඉතිං ඒක ඇරෙන්න වෙන දෙයක් නැහැ. කොහොම හරි ප්‍රර්ථනා කරන්නේ අනේ දෙවියනේ මේ මඟුල කැඩියන් කියලා. එහෙම නැත්නම් ඊටත්වඩා දහපහළොස් ගුණයකින් හොඳ කොල්ලෙක් තමයි තමන්ගේ දුවට හොයන්නේ. මේක මහ පුදුමාකාර වෛරයක්. වෙලාවකට හිතෙනවා මේ මිනිස්සු යක්ෂයොද කියලත්. ඒ විතරක් නෙමෙයි සමහර අය ඉන්නවා යාළුවෙක් ලස්සනට ඇඳලා කරලා ෆෙස්බුක් එකට ලස්සන ෆොටෝ එකක් දැම්මත්  ලයික් එකකවත් දාන්නේ නැති. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි  ඊර්ෂාව නිසා. ගෑණු අපිට තමයි මේ කැත පුරුද්ද වැඩියෙන්ම තියෙන්නේ. ඒත් ඉතිං අපි අපිම තේරුම් ගතයුතුයි ඊර්ෂාකම් කළා කියලා අපට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියන එක.

ඒවගේම තමයි  කෙනෙක් බඩුවක්මුට්ටුවක් ගත්තත් අපි පුරුදු වෙලා ඉන්නවා ඒක පුළුවන් තරම් අවතක්සේරු කරන්න, ඒක බාල්දු කරන්න. වැඩිය ඕන නෑ යාළුවෙක් ඇදුමක් ගත්තොත් අපෝ ඕකට වඩා ලස්සන ඒවා ඕන තරම්  තිබුණා කියලා අපි කියනවා. ඒ කරන්නේ ඒ කෙනාව බාල්දුම කරලා දාන එක.

සමහර අම්මලා ශිෂ්‍යත්ව විභාගයේදී ටොකු ඇන ඇන උගන්වන්නේ අල්පු ගෙදර එකාට වඩා එක ලකුණක් හරි ගනින් කයලා. ඉතිං මෙලෝ දෙයක් නොතේරෙන ඒ කිරිසප්පයත් එදා ඉදන් බලන්නේ කොහොම හරි අරූව පරාද කරන්න. වැරදිලාවත් විභගේ ෆේල් වෙනවනම් දෙන්නම ෆේල් වෙයන් කියන තැනයි අම්මලා ඉන්නේ. අම්මලාට බැරි නම් දරුවන්ට ආදර්ශයක් වෙන්න අපි කොහොම මේ වැරැද්ද හදා ගන්නේ?

ඔබට දෙයක් ලැබෙන්නෙම නැත්නම් ඒ ගැන දුක් වෙන්න යන්න එපා.. ඒවගේම තයි ඒ දේ තව කෙනෙකුගේ ළඟ තියෙනවා දැකලා ඊර්ෂ්‍යාකම් කරන්න යන්නත් එපා.  තව කෙනෙකුට හරි යනවනම් ඒ ගැන අවංකවම හිතලා සතුටුවෙන්න. ඔබ පරාද වුණත් තව කෙනෙකුගේ ජයග්‍රහණයක් ඉදිරියේදී ඔහුව දිරිමත්  එක අත්පුඩියක් හරි ගහන්න. ඒකට කදිම උදාහරණයක් තමයි 2018 පාපන්දු ලොක් කුසලානය.  පරාජයට පත්වූ ක්‍රොයේෂියානුවන් හමුවේ සිය ගෟරවය ආදරය සිය කණ්ඩායම වෙනුවෙන් ලබා දී ජය ලැබූ ප්‍රංශය වෙනුවෙනුත් අත්පොලසන් ලබා දුන් ක්‍රොයේෂියානු ජනපතිනි කොලින්ඩා. ඇය තුළින් ප්‍රකට වුනේ ශිෂ්ට සම්පන්න වූ ජාතික හැදියාව හා වටිනාකමයි.

මේ වෙනස ඔබෙන් ඇති කර ගන්න. තව කෙනෙක්ගේ සතුට තව කෙනෙක්ගේ ජයග්‍රහණයන් දිහා බලලා ඔබ සතුටු වෙන්න. එහෙම වුණොත් ඔබේ ජීවිතේටත් කවදම හරි ඒ දෙවල් ලැබේවී.

එහෙම නැතුව පොර කුකුල්ලුවගේ කාකොටා ගත්ත කියලා  එකිනෙකාට වෛර කරමින් ජීවත් වුනා කියා කිසිවක් ලැබෙන්නේ නැහැ. ගැහැණු වෙලා උත්පත්තිය ලබපු අපි උපතින්ම විවිධ වේදනාවන්ට උරුමකම් කියනවා. එහෙම එකේ තව  ඔබ වගේම ගෑණියෙක්ට බැනලා, බාල්දු කරලා, ඊර්ෂ්‍යාකම් කරලා ඒ ගෑණිගේ ජීවිතේ පහත හෙළන්න සැලසුම් කරන්න එපා. අවංකවම තව කෙනෙක්ගේ සතුටට දිහා බලලා සතුටු වෙන්න පුරු වෙන්න.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here