හැඩකාරීයන්ට රහස් 6ක් – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

කොතැන ගියත් කැපිලා පෙනෙන්න ඉන්න කොල්ලෝ කොහොමත් කැමතියිනේ. ඉතිං කැපිලා පේන්න ඉන්න එකත් හිතන තරම් ලෙහෙසි පහසු දෙක් නෙමෙයි. ඒ වෙනුවෙන් හැඩට ඉන්න එක නම් අනිවාර්්‍ය දෙයක්. ඒ සඳහා ඔබ අදින පළඳින විදිහ ඉතාමත් වැදගත්.ඉතිං හැඩට ඉන්න කැමති හැඩකාරීයන්ට අත්හදා බලන්න පුළුවන් රහස් 6ක් ගැනයි අද කියන්න යන්නේ. ඔයත් මේ දේවල් ටික කරලා බලන්නකෝ…

  1. පසු දින අඳින ඇඳුම් කලින් සැලැසුම් කිරීම

කලබලේට ඇඳුම් තෝරන්න ගියහම ඔබට ඒ ඇඳුම ගැලපෙනවද නැද්ද කියන එක ගැනවත් හිතන්න වෙලාවක් නැතිව යනවා. එම නිසා පසු දින ඇඳීමට සුදුසු ඇඳුම කලින්දා රාත්‍රියේම සූදානම් කර ගැනීමට වග බලා ගන්න. එමෙන්ම ඒ සඳහා සුදුසු පාවන් යුගළත් රාත්‍රීෙය්දීම තිරණය කරන්න. පසු දින උදයේ කොණ්ඩා විලාසිතාව පමණක් සකසා ගැනීමට කාලය වෙන් කරන්න. එවිට ඔබේ කාලයද අපතේ යන එක වළක්වා ගන්න පුළුවන්. ඒ නිසාම ඔබේ ලස්සන ගැනත් හිතන්න වෙලාවක් ඔබට ඉතිරි වෙනවා.

  1. නිවැරැදි යට ඇඳුම් තෝරාගන්න

මනා නිමාවකින් යුතු නිවැරැදි යට ඇඳුම් තෝරා ගැනීම ඔබේ විලාසිතාව පරිපූර්ණ කරයි. කපු රෙදිවලින් නිමැවුණු නිවැරැදි බ්‍රෙෂියර් හා යට කලිසම් මෙන්ම ශරීරය හැඩ කරන යට ඇඳුම්ද තෝරා ගන්න.

  1. විලාසිතා අනුකරණය නිවැරැදිව කරන්න

විලාසිතා වුණත් විවිධ කාන්තාවන්ට ගැළැපෙන්නේ විවිධ ආකාරයටයි. විලාසිතා කරන ප්‍රසිද්ධ කාන්තා චරිත ඒවා අනුගමනය කරන්නේ යම් රීතියකට අනුවය. මේ නිසා ඒවා හොඳින් අධ්‍යයනය කර අනුගමනය කරන්න.

  1. උත්සව අවස්ථාවට අනුව ඇඳුම් තෝරාගන්න

කාන්තාවක් අඳින පලඳින ආකාරය කැපී පෙනෙන්නේ එය අවස්ථාවට අනුව ආකර්ෂණීයව තෝරා ගන්නේ නම් පමණි. ඔබ පෙනුමට ගැළැපෙන සුන්දර විලාසිතා පමණක් තෝරා ගැනීමෙන් වැඩි අලංකාරයක් හිමිකර ගන්න. උදාහරණයක් ලෙස ඔබේ ආයතන ප්‍රධානියා සමඟ උත්සවයකට සහභාගි වේ නම් අනවශ්‍ය ලෙස පියයුරු පෙනෙන ලෙස විලාසිතා නොකරන්න.

  1. ශරීරයේ ප්‍රමාණයට ඇඳුම් තෝරාගන්න

කලිසම් හා කමිස, බ්ලවුස් ආදිය ඇඟේ හැඩයට අනුව තෝරා ගැනීමෙන් වැඩි පෙනුමක් ලබාගත හැකියි.

  1. සුදුසු අලංකාර ආභරණ පලඳින්න

ඇඳුම් පැලැඳුම්වලට වැඩි අලංකාරීත්වයක් ගෙනදිය හැකි වන්නේ එයට උචිත ආයිත්තම් පැලැඳීමෙනි. මාල හා බේ්‍රස්ලට් ආදිය ඇඳුමේ වර්ණයට අනුව ගළපා ගැනීමත් වැදගත්.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about some beauty tips .You can read the article and put your feedback on it. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here