අපේ රටේ ජනාධිපති ආර්යාවෝ – Saru News Media

0
11

අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ඉහළම තනතුර දරපු පුද්ගලයන්ට සවියක් වෙච්ච කාන්තාවෝ පිළිබඳව. මේ අය විවිධ හේතු මත ජනතාවගේ ගෞරවාදරය දිනා ගත්තා. වැඩි කතාබහක් නැතුව අපි එහෙනම් මේ සුවිශේෂී කාන්තාවෝ ගැන හොයල බලමු.

 

ලංකාවේ පළමු ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මැතිතුමාගේ ආදරණීය භාර්යාව වුණේ ඇයයි. උඩරට රදළ පවුලක උපන් ඇය විවාහයට පෙර සීලවතී රඹුක්වැල්ල නම් වුණා. සිය සැමියාගේ දේශපාලන ජීවිතයට මෙන්ම සමාජ සේවා කටයුතු වලටත් ඇයගෙන් ලැබුණේ සුවිශාල සහයක්. සිය සැමියා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව වුවත් ඇය සාමාන්‍ය ජීවිතය එතරම් වෙනස් කර ගත්තේ නැහැ. ගොපල්ලව මැතිතුමා මෙන්ම ඇයත් සරල ගැමි ජීවිතයකට ඇළුම් කළා. 1977 දී මිය ගිය ඇය සිය ඇස් පවා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙත පරිත්‍යාග කළා.

 

එලීනා බණ්ඩාර රූපසිංහ ලංකාවේ ධනවත් ව්‍යාපාරික පවුලක් වුණු රූපසිංහ පවුලේ උරුමක්කාරිය වුණා. ඇයගේ අත බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයන් අතර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නමත් කියවෙනවා. නමුත් ඇයගේ සිත ගත්තේ ජේ. ආර්. ජයවර්ධන නම් තරුණයාවයි. ජේ. ආර්. කෙතරම් විවේචනයට ලක් වුවත්, අප රටේ බොහෝ දෙනාගේ ආදරයට එලීනා ජයවර්ධන මහත්මිය  ලක්වෙනවා. ඊට හේතුව වන්නේ  කිසිවිටෙක තම සැමියාගේ දේශපාලනයට ඇඟිලි නොගසා ගෞරවනීය ලෙස ඇය කටයුතු කිරීමයි.

 

හේමා ප්‍රේමදාස ජනාධිපති ආර්යාවක් ලෙසට බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුණා. නමුත් ඇතැම් විවේචන නම් අතිශයෝක්තියෙන් සිදු කරන ලද ඒවා බවත්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පහතට දැමීමට හිතාමතා සැලසුම් කළ ඒවා බවත් මධ්‍යස්ථව සිතද්දී වැටහෙනවා. ඇතැම් අවස්ථාවල සිය සැමියාගේ දේශපාලන තීන්දු කෙරෙහි ඇයට එකඟතාවයක් නොතිබුණු බවත්, ඇය ඊට තම සෘජු විරෝධය දැක්වූ බවත් කියවෙනවා.

 

ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ එක දිනයක් පමණක් ගත කළ ජනාධිපති ආර්යාවක් ගැන ඔබට සිතා ගන්න පුළුවන්ද? ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ආදරණීය ආර්යාව වූ ඇය සිය උපන් ගමට බෙහෙවින් ප්‍රිය කළ නිසා කිසිවිටෙක නිල නිවාස වලට පැමිණීමට ප්‍රිය කළේ නෑ. සිය සැමියා එම  පදවි දරන කාලය අතරතුර ඇය උත්සව කටයුත්තක් සඳහා පමණක් එක දිනයකට අරලිය ගහ මැදුරට පැමිණ තිබෙනවා. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුණගරුක කාන්තාවක් බව කිව යුතුයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here