ලාංකේය සිනමා ඉතිහාස​යේ සුවිශේෂී මංසලකුණු – Saru News Media

0
10

Lifie අපි ඉදිරිපත් කරපු සිනමාව සම්බන්ධ ලිපි වලට ඔබගෙන් ඉතාම ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. මේ නිසා අපි හිතුවා ලංකාවේ සිනමා ඉතිහාසය පිළිබඳව කෙටි ලිපි පෙළක් ඔබ වෙත ගෙන එන්න. මේ ලිපිවල එන සමහර කරුණු පළවෙනි වතාවට තමයි අන්තර්ජාලය හරහා ඔබට කියවන්න ලැබෙන්නේ.

 

ලංකාවේ පිරිසක් විසින් නිෂ්පාදනය කරපු පළවෙනි චිත්‍රපටය විදිහට ‘රාජකීය වික්‍රමය’ හඳුන්වන්න පුළුවන්. නමුත් මේ චිත්‍රපටය නිහඬ චිත්‍රපටියක්. 1925 දී නිර්මාණය වුණු මෙම චිත්‍රපටය සඳහා මුදල් වියපැහැදම් කරලා තියෙන්නේ ටී. ඒ. ජේ නූර්බායි කියන නිෂ්පාදකවරයා. කාර්මික කටයුතු සඳහා ඉන්දියාවෙන් ශිල්පීන් හොයාගෙන තියෙන නූර්බායි මෙම චිත්‍රපටයේ රඟපෑම සඳහා තෝරාගෙන තියෙන්නේ ලංකාවේ ශිල්පීන්. ප්‍රධාන චරිතය සඳහා ඔහු එන්. එම් පෙරේරා නම් කඩවසම් තරුණයෙක්ව තෝරගෙන තියෙනවා. පස්සෙ කාලෙක මේ කඩවසම් තරුණයා ලංකාවේ මුදල් අමාත්‍යවරයෙක් බවටත් පත් වෙනවා. කාන්තා ප්‍රධාන චරිතය සඳහා සිබිල් ෆිම් නම් තරුණියව යොදාගෙන තියෙනවා. නමුත් අවාසනාවකට වගේ මෙම චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබිලා නැහැ. යම්කිසි කුමන්ත්‍රණයක් නිසා හෝ නොසැලකිල්ල නිසා මෙම චිත්‍රපටිය විනාශ වෙලා තියනවා 

 

 

ලංකාවෙ නිෂ්පාදනය වෙලා තිරගත වුණු පළවෙනි නිහඬ චිත්‍රපටිය වෙන්නේ ‘පළිගැනීම’. මේ නිසා ලංකාවේ සිනමා ඉතිහාසය පළිගැනීමත් එක්ක ආරම්භ වුණා කියලා ඇතැම් සිනමා විචාරකයන් විශ්වාස කරනවා. මරදාන මව්ලානා වත්ත ප්‍රදේශයේ රූපගත කිරීම් කරපු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත එන්. ආර් ඩයස් සහ ටවර් හෝල් යුගයේ ජනප්‍රිය තාරකාවක් වුණු ශ්‍රියා කාන්තා හෙවත් මිලි ආරියවතී විසින් රඟපාලා තියෙනවා.

 

 

ලංකාවේ පළවෙනි කතානාද චිත්‍රපටය විදිහට ඉතිහාසගත වෙන්නෙ ‘කඩවුණු පොරොන්දුව’. මේ චිත්‍රපටය සඳහා පාදක වෙන්නේ මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායම මගින් රට පුරා ප්‍රදර්ශනය කරපු කඩවුණු පොරොන්දුව නාට්‍යයයි. මුල් අවස්ථාවේදී පළවෙනි චිත්‍රපටය වීම සඳහා කඩවුණු පොරොන්දුව, අශෝකමාලා සහ දිව්‍යමය ප්‍රේමය යන චිත්‍රපටි අතර දැඩි තරඟයක් පැවතී තිබෙනවා. නමුත් ඉන් ජයග්‍රහණය කළේ කඩවුණු පොරොන්දුවයි.

 

මුල් යුගයේදී වෙනත් භාෂාවල චිත්‍රපට සිංහලට හඬකවා මෙරට ප්‍රදර්ශනය කිරීම බහුල වශයෙන් සිදු වුණා. ‘ගිර්භව ප්‍රවේශම්’ නම් තෙළිඟු චිත්‍රපටය එසේ මෙරට ප්‍රදර්ශනය කරන ලද පළමු චිත්‍රපටිය විදිහට සිනමා ඉතිහාසයට එකතු වෙනවා. මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන තිබෙන්නේ ඩබ්. එම්. එස් තම්පෝ සහ කේ. ගුණරත්නමුයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here