අපේ රටේ සිදුවූ අවසනාවන්ත දුම්රිය අනතුරු හතක් – Saru News Media

0
6

සාමාන්‍යයෙන් සාමාන්‍ය රිය අනතුරකට වඩා දුම්රිය අනතුරු සාමාන්‍යයෙන් අපිට දකින්න හම්බෙන්නේ නැ. ඒක හරිම දුලබයි. ඉතින් දුලබ වුනත් අන්තිමේදී සිදු වූ අලාභයන් හා ජීවිත හානි සංඛ්‍යාවත් දුම්රිය අනතුරු වල තරමක් වැඩි. ඉතින් අද අපි කතාකරන්න හිතුවේ අපේ රටේ සිදුවුනු අවාසනාවන්ත දුම්රිය අනතුරු හතක් ගැන.

 

හරියටම 2004 දෙසැම්බර් විසි හය වෙනිදා ජාති ආගම් කුල දුප්පත් පොහොසත් ඔය මොකවත් බලන්නේ නැතුව නැගෙනහිර වෙරළින් ලංකාවට ආපු ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් විතර මිනිස්සුන්ව නැතිකරගෙන ගිය ඒ සුනාමිය නම් ලාංකිකයෙක් විදියට අමතක කරන්න බැරි සිදුවීමක්. ඉතින් මේ ඒ සුනාමියේ අතුරු ප්‍රතිඵලයක්. දැනට ලෝකයේ සිදුවූ විශාලම දුම්රිය අනතුර වෙන්නෙත් මේක.. හික්කඩුව, පැරෑලිය ප්‍රදේශය මගීන් 1500ක් පමණ රැගෙන උදෑසන 6.40 ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දුම්රිය තමයි මේ විදියට අනතුරට ලක්වුනේ. එයින් මියගිය සංඛ්‍යාව අදටත් තාම ගොයාගෙන නැහැ ආසන්න වශයෙන් 1400 මගීන් ප්‍රමාණයක් කියලයි කියන්නේ..

 

මේ තවත් අපිට අමතක නොවෙන දුම්රිය අනතුරක්. 1996 ජූලි විසිහතර වෙනිදා තමයි මේ අනතුර සිදු වුනේ. කොයිවෙලේ බෝම්බයක් පුපුරයිද කියන බයෙන් හුස්ම අරන් හිටපු, යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති අසරණ මිනිස්සු හැට හත්දෙනෙක් මේ දුම්රිය අනතුර නිසා තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙව්වා. ඒ වගේම ගොඩක් මගීන් තුවාල ලැබුවා. ඉතින් දැන් වසර ගාණකට පෙර සිදු වූවක් වුවත් මෙයත් හැමදාම මතකයේ රැදෙන අමිහිරි මතකයක්….

මේ දුම්රිය අනතුර නම් සිද්ධ වෙන්නේ මීට දශක පහකටත් පමණ පෙර. හරියටම 1964 වසරේ ඔක්තෝබර් දහසය වෙනිදා. සුපුරුදු පරිදි අංක 400 දරන තලෙයිමන්නාරම් එක්ස්ප්‍රස් දුම්රිය තමන්ගේ සුපුරුදු දුම්රිය ගමනේ යෙදිමින් හිටියා. ලංකා ඉතිහාසයේ තවත් එක් දරුණුතම දුම්රිය අනතුරක්ලෙස ඉතිහාසයට එක්කරමින් මගී ජීවිත විසිපහක් අහිමි කරමින් සහ මගීන් අසූ අටකට දරුණු තුවාල ගෙනදෙමින් මීරිගම සහ අඹේපුස දුම්රිය ස්ථාන අතර විල්වත්ත ප්‍රරදේශයේදී “Talaimannar Express” පීලි පැනීමකට ලක්වුනා. අනතුරට එක් ප්‍රධාන සාදකයක්වූයේ රියදුරු E.H.Alexander නොසැලකිලිමත් බව ඔප්පු වුනත්, අවසානයේ දුම්රිය ඉතිහාසය විශාල පෙරලියක් කරන්න මේ අනතුර සමත් වුනා…

මේ දුම්රිය අනතුරත් ලංකාවේ දුම්රිය ඉතිහාසයේ තව එක කළු පැල්ලමක් එකතු කරන්න හැකි වුනු දුම්රිය අනතුරක්. මෙයත් 1996 වසරේ සිදුවුනු ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය හා සමාන බෝම්බ ප්‍රහාරයක්. ඒත් මෙය සිදු කලේ එල්. ටී. ටී. ඊ යට පෙර සන්නද්ධ වූ කණ්ඩායමක් වුනු ටෙලෝ සංවිධානය විසින්. යාපනයේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වෙමින් තිබුන යාල් දේවි දුම්රියට මෙසේ ඔවුන් බිම් බෝම්බ 5ක් තිබ්බා. මේ නිසා මේ ඒ දුම්රියේ සිදුවූ පීලි පැනීමකින් මේ අනතුර සිදු වුනේ. හමුදා සෙබළුන් 40ක් ඇතුළු එ සාමාන්‍ය වැසියන් 19 දෙනෙකුට 1985දී සිදු වූ මේ ව්‍යවසනයෙන් ජීවිත අහිමිවුනා.

 

අහිංසක ජීවිත 41ක් බිලිගෙන 35 ආසන්න දෙනෙකු තුවාල ලැබූ තවත් එක් අවසනාවන්ත අනතුරක් තමයි මෙයත්. යාංගල්මෝදරදී වැසුනු දුම්රියේ ගේට්ටුවක පසෙකින් එක් බස් රථයක් ගමන් කලා. අවසානයේ ඒ බස් රථය මේ දුම්රියේ එන්ජිමෙහි ගැටීමක් සිදු වුනා. මේ නිසාම බසයටත් අලාභ හානි රැසක් වුනා මේ අනතුරට ලොකුම හේතුව බස් රථ රියදුරාගේත් කොන්දොස්තරවරයෙකුගේ නොමනා හැසිරීමය. යාංගල්මෝදර දුම්රිය-බස් අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කරමින් ඉදි කර ඇති ස්මාරකයකුත් අපිට අද ඒ ස්ථානයේ දකින්න පුලුවන්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here