දේව වීදියේ රාජසිංහ දියණිය අරක් ගත් රජ වාසල – Saru News Media

0
3

ඉතින් අපි මීට කලින් දවසක මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ තුමාහේ කාලයේ හදපු මැද වාසල ගෑන කතාකළා ඔයාට මතක ඇති. අද අපි කතාකරන්න හිතුවේ මහනුවර රජ වාසල ගැන. ඉතින් මේ රජ වාසල මහනුවරට යන වැඩිදෙනෙක් නැරඹීමට එච්චර උනන්දුවක් නොදක්වන තැනක්. මේ වාසල අද මහනුවර යුගයට අයත් පුරාවස්තු ප්‍රදර්ශනය කෙරෙන පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් පවත්වාගෙන යනවා. දැනට තරමක් හෝ සතුටුදායක මට්ටමෙන් දැකබලාගන්න පුළුවන් එකම රජවාසලත් මේක. ඉතින් අද අපි ඒ රජ වාසල ගැන කතාකරමු.

 

මහනුවර මුලින්ම රාජධානිය කරගන්නේ සේනාසම්මත වික්‍රමබාහුගේ රජතුමා. ඔහුගෙන් පස්සේ පැමිණි පාලකයන් 12 දෙනෙකු දැනට මාළිගය පිහිටි ස්ථානයේ තම මාළිගාව තනාගෙන වාසය කළා. මේ මාළිගය මුලින්ම පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළේ පළමුවන විමලධර්මසූරිය රජතුමා. ඒ වගේම ඔහු මාළිගය අසලම දළදා මැදුරක් ද තැනුවා. පස්සේ දෙල්ගමුවේ කුරහන් ගළේ හංගලා තිබිච්ච දළදා වහන්සේ රැගෙනවිත් එහි තැන්පත් කළා.

 

ඉතින් විමලධර්මසූරිය රජුට පස්සේ රජවරු ගොඩක් මේ රජ වාසල අලුත්වැඩියා කරමින් වාසය කළා. සෙනරත් රජු කාලයේ ඉංග්‍රීසින් මේ වාසල විනාශ කරපු නිසා ආයෙත් එය ප්‍රතිසංස්කරණයට ලක් වෙනවා. අද අපට දකින්න පුළුවන් වෙන්නේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අලුත්වැඩියා කර වාසය කරපු රජ වාසල. ඒත් එයට අයත් ගොඩනැගිලි රැසක් ඉංග්‍රීසි කාලයේ විනාශ වුනා. දැනට දකින්න ලැබෙන්නේ 1765ට පසුව අලුතින් එක්කළ ගොඩනැගිලි සහිත මාළිගා කොටසක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අලුත්වැඩියා සමග මේ රජ වාසලට තවත් අංග රැසක් එකතු කලා.

 

1765 දී ඇඳ ඇති ඕලන්ද සිතියමේ විදියට මේ රජ වාසල තුළ දළදා මාළිගය, පැරණි විහාරය, තානාපති මගුල් මඩුව, සිංහාසනය ඇති ස්ථානය, බේත් ගේ, ලැගුම් ගේ, මැද වාසල, රජුගේ ඉස්තරම් භාණ්ඩ තබන කාමරය‍, දුනු හී ගඩබාව, තුවක්කු ගබඩාව, කුළුබඩු කාමරය, රජුගේ සොයුරන් සහ පවුල් නැවතී සිටි කාමර, වෙඩි බෙහෙත් තුවක්කු සාදන මඩු, රජුගේ අලුත් ලැගුම් ගේ, ඇත්හල සහ වැසිකිලි ආදිය තිබිලා තියෙනවා කියලා සදහන් වෙනවා. ඒ වගේම යොහාන් හෙයිඩ්ට් කියන ඕලන්ද ජාතිකයා මහනුවරට පැමිණෙන අවධියේ ඔහු මහනුවර රජ වාසල පැවති ආකාරය මෙසේ විස්තර කරන්නේ මේ විදියට..

“මාළිගයට ඇතුළුවීමට පෙර දිය අගලකින් එතෙර විය යුතු වුණා. දිග අගල උඩින් තිබූ පාලම අවශ්‍ය විට ඉවත් කළ හැකි එකක්. දිය අගල වටා වූ පවුරේ පහන් දැල්වීමට සැකසූ ත්‍රිකෝණාකාර සිදුරු පිහිටා තිබුණා.”

 

ලුතිතන් ලිට්ල්මන් කියන ඉංග්‍රීසි ජාතිකයා 1815 දී පමණ අඳින ලද සිතියමේ මාළිගය දැක්වෙන්නේ අද පවතින විදියට යි. 1815 දී ඉංග්‍රීසි උඩරට යටත් කරගත්තට පස්සේ මේ මාළිගය උඩරට ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලිගේ නිල නිවාසය වුණා. ඉංග්‍රිසින් මේ මාළිගයෙ ගොඩක් දේවල් වෙනස් කළා. දැනට නොවෙනස්ව ඒ ස්වරූපයෙන් තියෙන්නේ ඉදිරිපස දොරටුවයි ඒ හා සම්බන්ධ ශාලාව විතර යි. එහි බරාදය කොටස අඩි 74ක් දිගයි වගේම අඩි 12ක් පළලයි .

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here