ඇමැති පවිත්‍රා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාව – Saru News Media දේශීය පුවත්

0
16

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලබන 24 වනදා ජනතා අයිතියට පත් කෙරෙනවා.

ඒ සඳහා සියලු කටයුතු සුදානම් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාව නිරත වු අමාත්‍යවරිය එහි සියලු කටයුතු පිළිබද සොයා බැලුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි යන මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමට සියලු කටයුතු සුදානම්ව පවතිනවා.

ඩයරබා ජලාශය හා පුහුල්පොළ ජලාශය වෙත ගිය අමාත්‍යවරිය එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

අනතුරුව ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ පිහිටි උමා ඔය ජල විදුලි බලාගාරය වෙත ද අමාත්‍යවරිය ගමන් කළා. මෙගා වොට් 120ක විදුලි ධාරිතාවක් මෙහි නිෂ්පාදනය කිරීමට නියමිතයි.

මොණරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර 15000කට යල මහ දෙකන්නයේම ජලය සැපයීම උමා ඔය ව්‍යාපෘතියේ අපේක්ෂාවක්.

මේ වන විට උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු අවසන්ව පවතින අතර විදුලි ජනන කටයුතු සදහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

2010 වසරේ දී උමා ඔය ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 514ක් වැය කෙරුණා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here