ඉන්දියන් මාළු කරිය – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
6

අපේ රටේ රහට මාළු ඇඹුල් තියල් කරියක රහ නොබලපු කෙනෙක් නම් නැතුව ඇති. ඉතිං අපි හිතුවා අපේ රටට අල්ලපු රටේ එනම් ඉන්දියාවේ මාළු කරයික් හදන විදිහ ගැන ඔබට කියන්න. අවශ්‍ය කරන්නේ  මෙන්න මේ ද්‍රව්‍ය..

අවශ්‍ය ද්‍රව්‍ය
තලපත් මාළු ග්‍රෑම් 500
ලොකු ලූනු ගෙඩි 2ක්
මිරිස් කුඩු මේස හැඳි 1 1/2
ගරම් මසාලා මේස හැඳි 1
චිලී සෝස් මේස හැඳි 4
විනාකිරි මේස හැඳි 2
සීනි මේස හැඳි 1
ලුණු රසට අනුව
තෙල් මේස හැඳි 2-3ක්
බේලීව්ස් 2-3ක්

සාදන ආකාරය
මාළු ටික හොඳින් සෝදා කුඩා ප්‍රමාණයේ කොටු ලෙස කපා ගන්න. තක්කාලි ඉතාම කුඩාවට චොප් කර ගන්න.
දැන් තෙල් ටික ළිප තබා රත්වන විට කපාගත් ලූනු, බේලීව්ස් දමා තෙම්පරාදු වන්නට හරින්න. දැන් තක්කාලි, චිලි සෝස්, ගරම් මසාලා, විනාකිරි, මිරිස් කුඩු, සීනි යන සියල්ල එකතු කරන්න. මාළු කැබැලි දමා හොඳින් මිශ්‍රකර මද ගින්දරේ පිස ගන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about how to prepare a Indian fish curry. You can read the article and put your feedback on it.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here