ඉරාන – ලංකා ගිවිසුම් පහක්

0
15

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන

අවබෝධතා ගිවිසුම් 05කට ද  අත්සන් තැබීමට  නියමිතය.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හෙට  (24) පෙරවරුවේ ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත  කිරීමට නියමිතය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හෙට (24) දිවයිනට පැමිණේ .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්‍රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් ගේ සංචාරයෙන් පසුව  ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

(lankadeepa.lk -අංජුල මහික වීරරත්න)

 


Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here