ඊබ‍්‍රාහිම් හිටියේ ප‍්‍රාදේශීය සභා ජාතික ලයිස්තුවේ..- මාලිමා විධායක සභික

0
11

මොහොමඩ් ඊබයිම් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂක ජාතික ලැයිස්තුවේ සිටියේ 2015 වසරේදී බව ජාතික ජන බලවේග විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි.

එම කාලයේ ඊබ‍්‍රාහිම් එවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු නායකයන්ගෙන් සම්මාන රාශියක් දිනාගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවද ඔහු පැවසීය.

නමුත් 2019 දී ඔහුගේ දරුවන් බෝම්බ පුපුරවා ගනී යයි 2015 දී කිසිවෙකුට සිතිය නොහැකි බවත් හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේග ආණ්ඩුවකදී පාස්කු ප‍්‍රහාරකයන්ට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අගරදගුරු හිමියන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here