Google search engine
Home ගොසිප් පුවත් ගුවන් තොටුපළේ වීසා ප්‍රශ්නෙට පොලිසියට ගෙන්වූ නීතීඥ සඳරු කී දේ

ගුවන් තොටුපළේ වීසා ප්‍රශ්නෙට පොලිසියට ගෙන්වූ නීතීඥ සඳරු කී දේ

0
9

sandaru-kumarasinghe

 කටුනායක ගුවන් තොටුපොළේ වීසා නිකුත් කිරීම සහ ඒ සඳහා මුදල් අය කර ගැනීම ග්ලෝබල් වී.එෆ්.එස්. සමාගමට පැවරීමට එරෙහිව තොටුපොළේදී විවෘතව අදහස් ප්‍රකාශ කළ නීතිඥ සදරු කුමාරසිංහ මහතා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට ඊයේ (6) උදෑසන කැඳවනු ලැබීය.

ඒ අනුව කුමාරසිංහ මහතාගෙන් පැයයි විනාඩි 40 ක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව පිටත් කර යවනු ලැබීය එසේ පොලිසියෙන් පිටතට පැමිණි නීතිඥ සඳරු කුමාරසිංහ මහතා මාධ්‍යවේදීන් හමුවේ සිය අදහස් ප්‍රකාශ කරමින් තමන් එදා තම රුසියා ජාතික පෙම්වතිය සමග කටුනායක ගුවන් තොටු පොළට පැමිණි බවත් එහි දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම නිසා තමන් එසේ අදහස් ප්‍රකාශ කළ බවත් පැවැසීය. තමන්ගෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සුහදශීලී ලෙස ප්‍රශ්න ප්‍රකාශයක් සටහන් කරගෙන යළි පැමිණීම අවශ්‍ය නොවන බව පොලිසිය තමන්ට දැනුම් දුන් බව ද සඳරු කුමාරසිංහ මහතා පැවැසීය.

ඔහු නීතිඥවරුන් පිරිසක් ද සමග ඊයේ 06 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට පැමිණියේය.එහිදී අදහස් දැක්වූ සඳරු කුමාරසිංහ මහතා මෙසේ පැවැසීය.

එදා මැයි පළමුවැනිදා. මම එදා තායිලන්තයේ සිටයි කටුනායක ගුවන් තොටුපොළට ආවේ.තායිලන්තය බෞද්ධ රටක්. ඒ රටේ ඉඳල මේවා දකින විට කනගාටුවක් ඇතිවුණා.කටුනායක ගුවන් තොටුපොළ වීසා අර්බුදය පිළිබඳ අදහස් දැක්වීම නිසා රටේ ජනමාධ්‍ය, බුද්ධිමත් ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කළා. ඒ කතා කිරීම නිසා මෙම විදේශීය සමාගම පිළිබඳ බොහෝ භෞතික කරුණු අනාවරණය වී තිබෙනවා.අපේ රටේ විශාල පිරිසක් ඉන්නවා රැකීරක්ෂා නොමැතිව. ඒ අයගෙන් ප්‍රයෝජන නොගෙන වීසා නිකුත් කිරීම වැනි සංකීර්ණ ක්‍රියාදාමයක් විදේශ සමාගමකට විකුණලා රුපියල් කෝටි ගණනක් විදේශීය රටවල් වෙත ඇදී යාමට සලස් වල තියෙනවා.

මට අද කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට එන්න කියල දැනුවත් කරල තියෙනවා. හරි නම් මම නෙමෙයි මෙතැනට එන්න ඕනෑ. මේවා මේ විදිහට විකුණන්න මැදිහත් වූ පුද්ගලයන්.මම විශ්වාස කරනවා මේ රටේ තරුණ තරුණියන් මාත් එක්ක ඉඳියි කියල.

මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර බලවේග විසින් මෙහෙයවන පුද්ගලයකුත් නෙමෙයි. සංචාරක ව්‍යාපාරය අධෛර්යවත් කරන්න කරපු උත්සාහයකුත් නොවෙයි.මමත් ඔබ වගේ මෙතෙක් මේ රටේ බලයට පත් වු සියලුම දේශපාලන පක්ෂවලට ඡන්දය දීපු, දැන් කලකිරීමට පත් වී සිටින පුද්ගලයෙක්. මම පශ්චාත් උපාධියක් සහිත නීතිඥවරයෙක්. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරිකයෙක්.

ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් භාෂණයේ නිදහස, ජාතික සම්පත් විකිණීමට එරෙහිව හඬක් නැගීම තමයි මම එදා සිදු කළේ.මම සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරනවා. මං වෙනුවෙන් මගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න කියලා. මං වගේ තරුණ, තරුණියන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින්න කියලා.දේශපාලන පක්ෂ, මහානායක හිමිවරුන්, පූජක පක්ෂය, උගත් පුරවැසියන් සහ විශේෂයෙන් නීතිඥයන්ගෙන් මම ඉල්ලා සිටිනවා මං වෙනුවෙන් පෙනී සිටින්න කියලා. දරුවන් සහ සියලුම ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න කියලා යැයි ඔහු පැවැසීය. මෙම සිදුවීම පිළිබඳව මේ වන විට එදින කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ප්‍රධාන ආගමන විගමන නිලධාරිවරයා ලෙස සේවය කළ නිලධාරිවරයා ඇතුළු තවත් තිදෙනකු ද ගුවන් තොටු පොළ පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
  ටී.කේ.ජී. කපිල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here