ගුවන් තොටේ කෑ ගැසූ තරුණයාට එරෙහිව පියවර ගන්නවා..

0
9

පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදී වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇතිකළ පුද්ගලයා සම්බන්ධයෙන් හා එම සිදුවීම් පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

අදාළ ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බවද පැවසූ අමාත්‍යවරයා වැඩි කොටස් ජර්මන් සමාගමක් සතු ජාත්‍යන්තර ආයතනයක් බවත් පැවසීය.

අදාළ අවස්ථාවේ වීසා කවුන්ටරයේ සේවකයන් ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් දහතුන් දෙනෙකු බවත් ඔවුන්ගේ නම් ගම් ද තමා සතුව ඇති බවත් අමාත්‍යවරයා කීය.

මෙම නව ආයතනයට වීසා නිකුත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පියවර ගත නොහැකි බවත් ඊට පියවර ගනු ලබන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පමණක්ම බවත් එහිදී කියා සිටියේය.

පසුගිය සතියේ මෙම සමාගම සම්බන්ධයෙන් විරෝධතා මතු වුවත් එම සමාගම ගුවන්තොටු‍පොළේ මෙහෙයුම් ආරම්භ කරන ලද්දේ අපේ‍්‍රල් 17 වැනිදා බවත් හෙතෙම තව දුරටත් පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here