ජනපති අඹේවෙල නිරීක්ෂණ චාරිකාවක

0
6

අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අඹේවෙල කිරි ගොවිපොළ වෙත අද පැමිණි ජනාධිපතිවරයාව කිරි ගොවිපොළ සමූහයේ කාර්ය මණ්ඩලය විසින් පිළිගෙන තිබෙනවා.

ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්‍රයද නිරික්ෂණ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය  ජනාධිපතිවරයා එහිදී ඇගයීමට ලක් කර තිබෙනවා.

එමෙන්ම ගොවිපොළ නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විවිධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

එමෙන්ම සති අන්තයේ ගොවිපොළ නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමඟද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරතවී තිබෙනවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here