ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනපතිට පළඳවයි – Saru News Media දේශීය පුවත්

0
11

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබුවා

දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසය ‘රණවිරු සැමරුම් මාසය’ නමින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කුරිරු ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදා රණවිරුවන් විශාල සංඛ්‍යාවක් සිය ජීවිත රට වෙනුවෙන් පූජා කළ අතර ඒ හා සමාන රණවිරුවන් සංඛ්‍යාවක් ආබාධ වලට ලක්වුණා.

සෑම වසරකම මැයි මස මුල් සතියේ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු ජනාධිපතිතුමා වෙත ජාතික රණවිරු කොඩිය පැළඳවීමත් සමඟ රණවිරු මාසය ආරම්භ වනවා

රණවිරු කොඩියේ ආකෘති ඵලකය ද මෙහිදී රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූවා

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන් ද රණවිරු සේවා අධිකාරියේ උප සභාපති එයාර් වයිෂ් මාෂල් නිහාල් ජයසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here