ෆොන්සේකාට එරෙහිව සජබය ගොනු කළ ප්‍රතිශෝධ පෙත්සම සලකා බැලීමට දින දෙයි

0
15

පාර්ලිමේන්තු මන්ත්‍රී  සරත් ෆොන්සේකා පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන තීන්දුවක් ලබාදෙන ඉල්ලා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා අද දින නියම කළා.

එම පෙත්සම අද සලකා බැලීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නියෝග කළේ එය ලබන 21 වනදා කැඳවන ලෙසයි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු යුධ හමුදාපතිවරයකු වන දයා රත්නායක සමගි ජන බලවේගයට එක් කරගැනීම සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශවලින් පසුව සිය පක්ෂ සමාජිකත්වය හා පක්ෂය තුළ තමන් දරන තනතුරු වලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගයේ නායකයින් සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා විසින් පැවරූ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය එම තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

එම වාරණ නියෝගය ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක්ද කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. 

කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව අදාළ තීරණය ප්‍රතිශෝධනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා විසින් ලබාගත් වාරණ නියෝග අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here