තුන්දොස් නසන තුඹ කරවිල – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
10

තුඹ කරවිල යනු (Momordica dioica), ඔසු ගුණ සපිරි එළවළුවකි. වර්තමානය වනවිට, වෙළෙඳ පොළේ පාරම්පරික දේශීය කරවිල වෙනුවට බහුලව ඇත්තේ මාංශල බවින් අධික, කළු පැහැති විශාල මැලේසියන් කරවිල ය.

පැරැණි සිංහලයන් වගා කළ හේන්වල ඉබේ වැවුණු තුඹ කරවිල ප්‍රභේධ හතරක් ඇත. තිත්ත කරවිල, මල් තුඹ, තුඹ කරවිල යනු ඒවා ය.
මේවා වනගත ප්‍රදේශවල, එසේත් නැත්නම් හේන් ආශ්‍රිතව බහුලව වැවේ. එසේ ම ඒවා ඉබේ වැවෙයි. තද සුළං පවතින මාස හයක කාලය තුළ, අත්හැර දැමූ හේන්වල, තුඹ කරවිල බහුලව වැවේ.
මල් තුඹ යනු, මල් පමණක් හට ගන්නා, ගෙඩි පල ගන්නේ නැති තුඹ කරවිල විශේෂයකි. වැල් ඇදුනත්, ගෙඩි හට නොගනී. මෙය තුඹ කරවිල වැලේ පුරුෂ වැල් ය. මේ පුරුෂ වැල්වල මල් පමණක් පිපී, ගෙඩි හට ගන්නේ නැ. එහෙත් , සරුවට වැඩුණු වැලේ මුල අල හැදෙයි. එය ගැමියෝ ආහාරයට ගනිති.

තුඹ කරවිල යනු, මල් පිපී කුඩා පල හට ගන්නා එළවළුවකි. මේ කරවිල ගෙඩි කුඩා ය. තද කොළ පාට ය. මදක් තිත්ත රස ඇත. ඉතා ගුණදායක ය. ඉදුණු ගෙඩි කහ පාට වී, පුපුරයි. ඇතුළත ඇට කළු පාට ය.මේවා, ප්‍රාණජීව වැනි අගනා තෙල් හා අරිෂ්ට ආදියට යොදා ගනී.විෂ නාශක ඖෂධයකි. එළවළුවකි.
මේවා ආහාරයට ගත්විට, තුන්දොස් සමනය කරයි.තුඹ කරවිල යුෂ උදෑසන හිස්බඩ පානය කිරීමෙන්, අශ්මරී මර්දනය වෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here