දියතලාව “ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්” තරඟාවලිය සම්බන්ධයෙන් යුධ හමුදා මූලස්ථානයෙන් නිවේදනයක්

0
11

දියතලාව “ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්” තරඟාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් යුධ හමුදා මූලස්ථානය අද නිවේදනයක් නිකුත් කළා.

යුධ හමුදා අධ්‍යක්ෂ ජනරාල් ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම්, මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාරගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

“ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්” තරඟාවලිය අතරතුර සිදුවූ අවාසනාවන්ත අනතුරෙන් පසු එම සිදුවීම සම්බන්ධයෙන් යුධ හමුදාපති තුමන් වෙත කරුණු වාර්තා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 07 දෙනෙකුගෙන් සමන්විත වූ විශේෂ විමර්ශණ කමිටුවක් පත්කර ඇති බවයි යුධ හමුදා මූලස්ථානය නිවේදනය කළේ.

මේජර් ජනරාල්වරයකුගේ සභාපතිත්වයෙන් එම විමර්ශන කමිටුව පත්කර ඇති  බවද එහි දැක්වෙනවා.

එම විමර්ශන කමිටුව විසින් අනතුරට හේතුපාදක වූ කරුණු මොනවාද, වගකිව යුතු අයවලුන් කවුරුන්ද, තරඟාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කර තිබුණේද යන්න සොයා බැලීමට නියමිතයි.

ධාවන පතයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව සහ ආයතන නිසි පරිදි ක්‍රියා කර තිබුණේද, ඉදිරියේදී එවැනි අනතුරු සිදුවීම වලක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න ආදී තවත් කරුණු ගණනාවක් පිළිබඳව කමිටුව විසින් සොයාබලනු ඇති බවද යුධ හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here