නීති විරෝධී මත්කරල් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු  STF අත්අඩංගුවට

0
7

පුල්මුඩේ ප්‍රදේශයේදී නීති විරෝධී මත් කරල් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ පුල්මුඩේ කඳවුරේ නිලධාරීන් පිරිසක් සිදු කළ වැටලීමකදීයි.

එහිදී නීති විරෝධී මත් කරල් 1,229ක් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here