පොඩ්ඩා රස කරමින් කන chicken වල පෝෂණය ගැන හොයලා බලමුද. – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

ලොකු පොඩි හැමෝම ආසාවෙන් කන මස් වර්ගයක් තමයි chicken කියලා කියන්නේ. සාමාන්‍යෙන් වෙනත් මස් වර්ග කෑමට ප්‍රිය නොකරන පොඩ්ඩෝ පවා හරිම කැමැතියි තමන්ගේ කෑම පිඟාන chicken curry එකකින්  රසවත් වෙලා තියෙනවා නම්. ඒ වගේම තමන්ගේ පොඩ්ඩට වෙනත් මස් වර්ග දෙන්න අකමැති අම්මලා වුණත්, chicken චුට්ටක් නම් කෑමට එකතු කරන්න මැළිවෙන්නෙත් නැහැ. ඉතින් එහෙනම්, ඔය තරමට හැමෝම ප්‍රිය කරන කුකුළු මස්වල පෝෂ්‍ය ගුණය කොයි වගේ වෙන්න පුළුවන්ද? Saru News Media අපි මේ ලිපියෙන් කතා කරන්නේ අන්න ඒ කාරණය ගැනයි.

හොඳට හොයලා බලලා ගන්න

පොඩ්ඩාගේ protein අවශ්‍යතාවය සම්පූර්ණ කරන නිසාම ඔබ හැකි සෑමවිටම chicken ආහාර වේලට එකතු කරගන්නවා ඇති කියලා අපි හිතනවා. හැබැයි chicken මිලට ගන්නකොට ඔබ මිලට ගන්නා නිෂ්පාදනය කොයි තරම් සෞඛ්‍යාරක්ෂිතද කියලා හොඳට හොයලා බලලා ගන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම පොඩි දරුවොන්ට දෙන කෑම බීම ගැන වඩ වඩාත් සැළකිලිමත් විය යුතු මේ වගේ කාලයක, ඔබ කුකුළු මස් මිලට ගන්නවා නම්, antibiotics, hormones, preservatives හෝ artificial additives එක් නොකළ නිෂ්පාදන ම මිලට ගන්න යොමුවෙන්න කියලා අපි මුලින්ම සිහිපත් කරනවා.

Neutritions

Raw Chicken breast 100g හි අඩංගු පෝෂක කොටස් තමයි පහතින් දැක්වෙන්නේ.

Calories                    114

Total Fat                    2.81g

Saturated                  0.55g

Polyunsaturated        0.4g

Monounsaturated       0.68g

Cholesterol                 68mg

Total Carbohydrate    0g

Dietary Fiber              0g

Sugars                        0g

Protein                        21.41g

Vitamins and Minerals

A             10µg                    C         0mg

B-6           0.79mg               B-12    0.2µg

D             0µg                     E          0.38mg

Calcium  5µg                      Iron 0.36mg

Magnesium 26.5mg           Zinc 0.66mg

Potassium 333mg              Sodium 109 mg

Muscle growth

ඉහත සටහනට අනුව නොපිසින ලද chicken breast ග්‍රෑම් 100ක protein සහ Amino acid බහුලව පවතිනවා. ඉතින් නිරන්තරයෙන් ම Protein බහුල ආහාර කෑම වේලට එකතු කරගැනීම පොඩ්ඩාගේ muscles වර්ධනය වීමට, අස්ථි ශක්තිමත් වීමට සහ උස යෑමට වගේම සිරුර ශක්තිමත් කරවන්නටත් උපකාරී වෙනවා. ඒ වගේම, ශාකමය ආහාර මඟින් ලැබෙන protein වලට වඩා සත්ත්වමය ආහාර ලබාගැනීමෙන් සිරුරට ලැබෙන protein ප්‍රමාණය වැඩි බවත් අමතක කරන්න එපා. chicken වල වෙනත් මස්වල තරමටම fat අඩංගු නොවීම නිසා නිරෝගී බරක් පවත්වාගෙන යාමට උපකාරී වීමත් මෙහි ඇති වාසිදායක ලක්ෂණයක් විදියට පෙන්වන්න පුළුවන්කම තියෙනවා.

Enhances the circulatory system

යකඩ අඩංගු ආහාර වැඩි වැඩියෙන් ලබා ගැනීමෙන් සිරුරේ hemoglobin මට්ටම වැඩි කරගැනීමට අවස්ථාව උදා වෙනවා. ඉතින් යකඩ අඩංගු ආහාරයක් වන Chicken කෑමට එකතු කරගැනීමෙන් පොඩ්ඩගේ සිරුරේ රතු රුධිරානු නිපදවීම හොඳින් සිදුවෙන අතර මෙය දරුවාගේ බුද්ධි වර්ධනයට හිතකර අයුරින් බලපානවා. ඒ වගේම කුකුළු මස්වල අඩංගු potassium මඟින් සිරුරේ ඇති රුධිර නාල නිරෝගීව තබා ගැනීමත් සිදුවෙනවා.

Boosts immunity

ප්‍රතිශක්තිකරණ ගැන වැඩි වැඩියෙන් කතා බහ කෙරෙන මේ දිනවල, වසංගත සහ ලෙඩ රෝගවලින් වැළකී නිරෝගීව සිටීමට නම් පොඩ්ඩාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ශක්තිමත්ව තිබිය යුතු වෙනවා. Chicken වල අඩංගු zinc සහ magnesium වැනි ක්ෂුද්‍ර පෝෂක කොටස් විසින් ප්‍රතිශක්තිකරණ වර්ධනය කිරීමේ කාර්‍යය මැනවින් ඉටු කරන්නට සමත් වෙනවා. අසනීප වුණු පොඩ්ඩොන්ට chicken soup එකක් එහෙම දුන්නම සිරුරට සහනයක් ලැබෙන්නෙත් මේ හේතුව නිසාමයි.

Brain development

දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා බලපාන සාධක කිහිපයක් ම අතරින් ආහාරපාන වලට ලැබෙන්නේ ඉහළම ස්ථානයක්. Chicken වල බහුලව පවතින විටමින් B12 සහ choline විසින් පොඩ්ඩාගේ බුද්ධි වර්ධනය සහ ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහාත්  විශාල මෙහෙයක් සිදු කරනවා.

Relieves stress

Tryptophan සහ vitamin B5 කියලා හඳුන්වන පෝෂක කොටස් ලබා ගැනීමෙන් පුද්ගලයෙක් තුළ පවතින කලබලකාරීත්වය අඩු කරවලා යම් සන්සුන් බවක් ගෙන දෙන බව පැවසෙනවා. පොඩ්ඩා ටිකක් කලබලකාරී වෙලා වගේ පෙනෙන දවසක ඒ ගතිය දුරු කරවන්න වගේම පොඩ්ඩගේ බණ්ඩිය හොඳින් පිරෙන්නත් එක්ක එයා කැමති විදියකට chicken ටිකක් හදලා දීලා බලන්න කියලා අපි යෝජනා කරනවා. මොකද chicken වලත් මේ කියන පෝෂක කොටස් අඩංගුවෙලා තියෙන නිසා.

Developing eyesight

Chicken වල අඩංගුවෙලා තියෙන vitamin A වලින් පොඩ්ඩාගේ ඇස් පෙනීම දියුණු වෙනවා වගේම, ප්‍රතිශක්තියත් වර්ධනය වෙනවා. ඉතින් මේ වගේ සිරුරට හිතකර කෑම බීම හරහා පෝෂණ අවශ්‍යතාවය සපුරාගන්න උත්සහ කරනවා නම් පොඩ්ඩට අමතර විටමින් වර්ග ලබාදෙන්න අවශ්‍ය වෙන්නෙත් නැතිවෙයි.

Promotes heart health

අධික තෙල් සහිත මස් වර්ග නිතර ආහාරයට ගැනීම මඟින්, cholesterol වැඩිවෙන්නත්, හදවත් රෝග හටගන්නත් ඉඩ තියෙනවා. හැබැයි විටමින් B6 අඩංගු chicken ආහාරයට ගැනීමෙන් එවැනි අහිතකර ප්‍රතිඵල ඇතිවීමට ඇති අවස්ථාව ඉතාමත් අවමයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම රතු මස් වර්ගවලට වල chicken වල saturated fat අවම වීමත්, omega -3 fatty acids අඩංගු වීමත් අමතර වාසියක් විදියට පෙන්වන්න පුළුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here