පොලිස් පරික්ෂකවරයෙකු ඝාතනය කිරීමට ආධාර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

0
15

රත්ගම, කරාව ප්‍රදේශයේදී පසුගිය ඔක්තෝබර් 10 වනදා හිටපු පොලිස් පරික්ෂකවරයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට රත්ගම දක්වා එම පොලිස් පරික්ෂකවරයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ඔහු පිටුපසින් තවත් යතුරු පැදියකින් ගමන් කර සැකකරු විසින් මාර්ගය පිළිබඳ තොරතුරු රැස් කරගෙන තිබෙනවා.

ඉන් අනතුරුව එම තොරතුරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “සමන් කොල්ලා” වෙත සැකකරු ජංගම දුරකථනය හරහා ලබා දී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පොඩි සුදූ නමැති සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 යි මිලි ග්‍රෑම් 50ක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here