මියන්මාර ත්‍රස්ත ග්‍රහණයෙන් නිදහස ලැබූ ලාංකිකයින් 08 දෙනා දිවයිනට

0
6

මියන්මාරයේ “සයිබර් කඳවුරක” වංචනික සයිබර් ව්‍යාපාරවල බලහත්කාරයෙන් සාපරාධී ක්‍රියාකාරකම් සඳහා යොදවා ගනිමින් රඳවා තබාගෙන සිට  මුදා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු, අද යළි දිවයිනට පැමිණියා.

එලෙස මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිස අතරට පිරිමි පුද්ගලයන් 06 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අයත්.

මෙම පිරිස තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා රවටා තිබෙන අතර ඔවුන් රැකියා අපේක්ෂාවෙන් මෙම කඳවුර වෙත ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත මියන්මාර බලධාරීන් විසින් ඉකුත් 04 වන දින මෙම පිරිස එම කඳවුරෙන් මුදා ගෙන තිබුණා. 

ඒ අනුව තායිලන්තයේ බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන් විසින් ඉකුත් 11 වන දින තායිලන්තයේ “මැසොට්” දේශසීමා ද්වාරයේ දී මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස භාර ගෙන තිබෙනවා.  

ඔවුන් අද උදෑසන 09.50 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනය මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල එක්ව පියවර ගෙන තිබු අතර මොවුන් භාර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here