මෙරට විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව…

0
12

ශ්‍රි ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරිම සදහා රිය පෙරහැරකින් වැඩම කිරිම (23) දින නාවලපිටිය සිට මස්කෙලිය මවුස්සාකැලේ යුධ හමුදා කදවුර දක්වා සිදු කෙරිණ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා වැඩම කරවනු ලබන ශ්‍රි ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව (20) දින මහනුවර සහස් උයන දක්වා වැඩම කල අතර , (21) දින දේව ප්‍රතිමාව නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානය දක්වා වැඩම කර (22) දින නාවලපිටිය සිට හැටන් හරහා මස්කෙලිය මවුස්සාකැලේ යුධ හමුදා කදවුර දක්වා වැඩම කෙරිණ.

ලෝහමය සමන් දේව ප්‍රතිමාව ටොන් එකක බරකින් සහ ඇත් රජුගේ ප්‍රතිමාව ටොන් එකක බරකින් යුක්ත බවත්, මෙම ප්‍රතිමා නිර්මාණය කිරිම සදහා ගම්පොල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙකුගෙන් මුල්‍ය අනුග්‍රහය මත මෙය නිර්මාණය කල බවයි කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් කියා සිටියේ.

(22) දින සමන් දේව ප්‍රතිමාව හැටන් නගරයට වැඩම කල සමන් දේව ප්‍රතිමාවට පුෂ්ප උපහාර දැක්විමට සහ වැද පුදා ගැනිමට විශාල පිරිසක් එක්ව සිටිහ.

සමන් දේව ප්‍රතිමාව කල්ප රුක්ෂ විහාරස්ථානය දක්වා වැඩම කර එම විහාරස්ථානයේ තැන්පත් කර යලිත් එම සමන් දේව ප්‍රතිමාව මේ වසර අවසානයේ ශ්‍රි පාද වන්දනාකරුවන්ට වන්දනා කිරිම සදහා කල්ප රුක්ෂ විහාරස්ථානයේ සුදුසු ස්ථානයක ස්ථිර වශයෙන් තැන්පත් කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here