ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – ඉන්දු නිම්න ශිෂ්ටාචාරය  – Saru News Media

0
13

අපේ රටේ බොහෝ දෙනෙක් මේ ශිෂ්ටාචාරය දන්නේ මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය විදිහට. වර්තමාන ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ වයඹ දිග ඉන්දියාව යන භූමි ප්‍රදේශවල මෙම ශිෂ්ටාචාරය පැතිරිලා තිබ්බා. ආර්යයන්ගේ පැමිණීමත් එක්ක මේ ශිෂ්ටාචාරයේ බිඳවැටීම සිද්ධ වුණා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අපි අද මේ ශිෂ්ටාචාරය ගැන  තොරතුරු ටිකක් හොයලා බලමු.

 

මේ ශිෂ්ටාචාරය තාක්ෂණික වශයෙන් ඉතාමත්ම ඉදිරියෙන් හිටපු ශිෂ්ටාචාරයක්. උදාහරණයක් විදිහට ඒ අය තමන්ගේ නිවාස සාදා ගත්තේ පුච්චපු ගඩොල් භාවිතා කරලා. ඒ වගේම මේ  නිවෙස් ඉදි කිරීමේදී හුළං හමන දිශාව පිළිබඳව ඔවුන් හොඳ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ හරහා  අද වායු සමීකරණයකින් කරන කාර්යය ඔවුන් ස්වභාව ධර්මය ලවා කරගෙන තියෙනවා. තවත් විශිෂ්ටම දෙයක් තමයි ඔවුන් සෞඛ්‍යසම්පන්න මළාපවහන පද්ධතියක් නිර්මාණය කරලා භාවිතා කර තියෙනවා. යුරෝපයේ නගර වලට පවා මළාපවහන පද්ධතියක් ඇතුළත් වුණේ 18 වන සියවසේදී විතර.

 

සමකාලීන ශිෂ්ටාචාර වුණු මෙසපොතේමියාවේ සහ ඊජිප්තුවේ  විශාලතම ගොඩනැගිලි විදිහට රාජ මාළිගා සහ සිද්ධස්ථාන ගොඩනැගීම සිදු වුණත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ හමුවන විශාලතම ගොඩනැගිල්ල වන්නේ පොදු ස්නානාගාරයක් කියලා කිව්වොත් එහෙම ඔබ විශ්වාස කරනවද? මේ තුළිනුත් අපිට පැහැදිළි වෙන්නේ ඔවුන් ශිෂ්ටාචාරයක් විදිහට තමන්ගේ සෞඛ්‍යය ගැන කොතරම් අවධානයක් යොමු කරාද කියන එක. නමුත් ඇතැම් පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ස්නානාගාර යම්කිසි අභිචාරයක් සඳහා භාවිතා කළා වෙන්න පුළුවන් කියලයි.

 

අද දක්වාම භාවිතාවන ලෝහ නිස්සාරණ ක්‍රම සඳහා මූලික අඩිතාලම යොදනු ලැබුවේ ඉන්දු නිම්න වාසීන් විසින්. තඹ,  පිත්තල, යකඩ වැනි විවිධ ලෝහ වර්ග නිස්සාරණය කළ ඔවුන් ඒවා තමන්ගේ එදිනෙදා භාවිතයට වගේම පිළිම නෙලීම වැනි ආගමික කටයුතු සඳහාත් භාවිතා කරනු ලැබුවා. ඒ වගේම මේ නිසා අනෙකුත් ශිෂ්ටාචාර වලට සාපේක්ෂව ඉතාමත් අනර්ඝ ආභරණ නිර්මාණය කිරීමේ හැකියාවක් ඔවුන්ට ලැබුණා. 

 

සන්නිවේදනය සඳහා ඔවුන් විසින් විවිධ මුද්‍රා භාවිතා කරලා තියෙනවා. අදටත් මේ මුද්‍රාවලින්  කියවෙන්නේ මොකක්ද කියන එක නිශ්චිතව හඳුනාගැනීමේ හැකියාවක් ලැබිලා නැහැ. ඔවුන් හුවමාරුකරනු ලැබූ වෙළෙඳ ද්‍රව්‍ය නිරූපණය කිරීම මේ මුද්‍රා මගින් සිද්ධ වුණා කියලා ඇතැම් පාර්ශව විශ්වාස කරනවා. ඒ අතරින් හම්බ වෙලා තියෙන සුප්‍රකටම මුද්‍රාව හඳුන්වන්නේ පශුපති ලෙසයි. පසුකාලීන හින්දු ආගමේ ත්‍රිමූර්තියෙන් ප්‍රධාන දෙවි කෙනෙකු බවට පත් වූ ශිව දෙවියන්ගේ මූලික අවස්ථාවක් මෙමගින් නිරූපණය වෙන බවට මතයක් පවතිනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here