ශ්‍රී ලංකා ගුවන් හමුදාපති අමෙරිකානු ගුවන් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට – Saru News Media දේශීය පුවත්

0
13

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඇමෙරිකා ඇලබාමා ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ආදී ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක්ව සිටිනවා.

ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ගෞරව නාම ලේඛනය සදහා ඇතුලත් කෙරෙන්නේ එහි අධ්‍යාපනය ලබා දැනට හමුදා හෝ ප්‍රමුඛ සිවිල් තනතුරුවල සේවය කරන පිරිසයි.

එම ලේඛනය සදහා නම් ඇතුලත් කිරීමේ උත්සවය පසුගිය දා පැවැත්වුණු අතර ඊට ජාත්‍යන්තර ආදි සිසුන් 21ක් දෙනෙකුගේ නම් මෙවර යෝජනා වී තිබෙනවා.

ඔවුන් අතර ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතා ද වනවා.

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here