සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම අත්හිටුවයි..

0
9

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු මස 25 වෙනි දින තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබී ය.

ඒ අනුව එම තරග විභාගය පැවැත්වීමට පෙර 2023 මාර්තු 23 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය හේතු කොටගෙන පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය අත්හිටවනු ලැබී ය.

මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාග වෙමින් පවතින අතර ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.

මාධ්‍ය ඒකකය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here