සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැවිලි (2 කොටස) – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
12

ළඟදීම එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය රසවත් කරගන්නට උත්සහ දරන ඔබ වෙනුවෙන් තමයි මේ ලිපියත් අපි වෙන් කරන්නේ. පෙර ලිපියකින් අපි අරන් ආවා සිංහල අලුත් අවුරුදු කෑම මේසයට ආවේනික කැවිලි වර්ග කිහිපයක් සකස් කරගන්නා ආකාරය. එහෙමනම් අපි දැන් බලමු හින්දු හිතවතුන්ගේ අලුත් අවුරුදු කෑම මේසය සැරසෙන කෑම වර්ග කිහිපයක් හදාගන්නේ කොහොමද කියලා.

මෝදගන්

අවශ්‍ය ද්‍රව්‍ය:- පිරවුම සඳහා- ගාගත් පොල් කෝප්ප 1, ghee මේස හැඳි 1, grate කරගත් හකුරු කෝප්ප ½, කස කසා ඇට තේ හැඳි 2, කරදමුංගු කුඩු ස්වල්පයක්

Dough එක සඳහා- ඉඳි ආප්ප පිටි කෝප්ප ½, ලුණු ස්වල්පයක්, ghee මේස හැඳි 1, වතුර කෝප්ප 1

සකස් කරගන්නා ආකාරය:- pan එකක් රත්කර ගාගත් පොල්, ghee, සහ හකුරු දමා හොඳින් මිශ්‍ර කරගනිමින් මඳ වෙලාවක් පිසගන්න. ඒ මිශ්‍රනය pan එකේ පසෙකට කර කස කසා ඇට ටික pan එකට දමා මඳක් roast කරගන්න. පොල්, හකුරු සහ කස කසා ඇට මිශ්‍රනයට කරදමුංගු කුඩු සහ ලුණු ස්වල්පයක් ද එකතු කර මඳගින්නේ විනාඩි කිහිපයක් පිසගෙන පැණි පොල් සකස් කරගන්න. දැන් dough එක හදන විදිය බලමු. පිටි පැකට්ටුවේ සඳහන් කර ඇති ආකාරයට උණු වතුර හෝ ඇල් වතුර ගෙන එයට ghee මේස හැන්දක් සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. පිටිවලට මෙයින් වතුර ස්වල්පය බැගින් එකතු කරමින් අතේ නොඇලෙන ආකාරයේ dough එකක් සකස් කරගන්න. නැවතත් එහි ghee ස්වල්පයක් ආලේප කර තෙත රෙදි කඩකින් ආවරණය කර පැයක් පමණ තියන්න. ඉන්පසු මෙය කුඩා බෝල කිහිපයකට කඩා මැදින් පැණි පොල් දමා (ඉඹුල් කිරිබත් සකස් කරන ආකාරයට) සකස් කරගන්න. කැමති නම් අච්චුවක් යොදා ගන්නත් පුළුවන්. මේවා steamer එකක් භාවිතා කර විනාඩි 8-10ක් steam කර උණු උණුවෙම කෑමට ගන්න පුළුවන්.

ලඩ්ඩු

අවශ්‍ය ද්‍රව්‍ය:- කඩල පිටි ග්‍රෑම් 250, සීනී ග්‍රෑම් 300, food coloring (yellow) ස්වල්පයක්, ghee මේස හැඳි 3, කරඳමුංඟු කුඩු ස්වල්පය, කජු මද, වතුර කෝප්ප, තෙල්

සකස් කරගන්නා ආකාරය:- බඳුනක් ගෙන එයට කඩල පිටි දමා වතුර ස්වල්පය බැගින් එකතු කරමින් තරමක් උකු මිශ්‍රනයක් සකස් කරගන්න. වතුර කෝප්පයකට වඩා මඳක් වැඩියෙන් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඉන් පසු පියනකින් බඳුන වසා පැය බාගයක් පමණ තියන්න. පැය බාගයකට පසුව මිශ්‍රනයේ තද ගතියක් දැනෙනවා නම් තවත් වතුර ස්වල්පයක් එකතු කරන්න. බඳුනක් ලිපේ තියා එයට සීනි, කරදමුංගු කුඩු, food coloring සහ වතුර ස්වල්පයක් දමා පැණි සකස් කරගන්න (නූලක් මෙන් ඇදෙන පමණට). ඉන් පසු තෙල් රත්කරගන්න. හිල් සහිත තෙල් හැන්ද තෙල් තාච්චිය උඩින් තියා කඩල පිටි මිශ්‍රනය හැන්ද මතට වත් කරන්න. හැන්දේ හිල් වලින් බේරී තෙල් මතට වැටෙන කඩල පිටි බිංදු තෙලෙන් බැදෙන්නට හරින්න. හැබැයි වැඩි වේලාවක් බැදෙන්නට ඉඩ හරින්න එපා. මෙසේ සකස් කරගත් කුඩා බෝල සහ එළඟි තෙලෙන් බැදගත් කජු මද පැණි බඳුනට දමා මඳක් නිවුණු පසු කුඩා බෝල ආකාරයට සකස් කරගන්න.

කැරට් හල්වා

අවශ්‍ය ද්‍රව්‍ය:- grate කරගත් කැරට් කොප්ප 2, ghee මේස හැඳි 3, fresh milk කෝප්ප 2, සීනි කෝප්ප ¼, කරඳමුංගු කුඩු ස්වල්පයක්, ලුණු, කජු මද 

සකස් කරගන්නා ආකාරය:- pan එකක් ලිපේ තියා ghee ස්වල්පයක් එකතු කර රත් කරගන්න. එයට Grate කරගත් කැරට් ටික දමා මිනිත්තු 2-3 ක් පමණ බැදගෙන fresh milk යොදා හොඳින් මිශ්‍ර කරගන්න. කිරි ටික සම්පූර්ණයෙන් හිඳෙන තුරු හැඳිගාමින් පිසගෙන සීනි, කරදමුංගු කුඩු සහ රස අනුව ලුණු එකතු කරගන්න. තවත් මිනිත්තු 3-4ට පසු කජු කැබලි එකතු කර හොඳින් කවලම් කරන්න. අවසන් වශයෙන් මේ මිශ්‍රනය තැටියකට දමා තුනී කර කැබලි කපා ගන්න.

උළුඳු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය:- උඳු ඇට ග්‍රෑම් 250, සහල් පිටි ග්‍රෑම් 100, කරපිංචා, ලුණු, කෑලි මිරිස්, අමු මිරිස්, ලොකු ළූණු, සූදුරු ස්වල්පයක්

සකස් කරගන්නා ආකාරය:- උඳු ඇට ටික රැයක් පොඟවාගෙන cream එකක් වනතුරු ඉතා හොඳින් grinde කරගන්න. තරමක් විශාල බඳුනකට මේ cream එක දමා සහල් පිටි, කෑලි මිරිස්, කපාගත් අමු මිරිස්, සූදුරු, ලුණු, සිහින්ව කපාගත් කරපිංචා (තමන්ගේ රුචිය අනුව) එකතු කර අනාගන්න. ඉන්පසු කපාගත් රතු ළූණු ටිකකුත් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මේ dough එකෙන් පිටි ස්වල්පයක් අරගෙන වතුර බඳුනකට දැමු පසු දිය නොවී පාවෙනවා නම් පිටි මිශ්‍රනයේ පදම නිවැරදියි. දිය වෙනවා නම් එයට පිටි ටිකක් එකතු කරලා නැවතත් අනලා සකස් කරගන්න වෙනවා. මධ්‍යම ප්‍රමාණයට ගින්දර යොදමින් තෙල් හොඳින් රත් කරගන්න. අතේ වතුර ස්වල්පයක් ගාගෙන පිටිවලින් ස්වල්පය බැගින් අරන් වඩේ හැඩයට සකස් කරගෙන රන්වන් පැහැවන තුරු බැදගන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here