සෙක්ස් පාවිච්චි නොකරන්න ඕන අවස්ථාවන් මේවා තමයි! – Saru News Media

0
6

 

සෙක්ස් කියන්නේ අපි කවුරුවත් නොකරන දෙයක් නෙවෙයි. ඒකට කසාද බඳින්න හෝ නොබඳින්න ඕනැයි කියලා කියන්නත් බෑ. එකම දේ තමයි, සෙක්ස් කරන්න නීතියෙන් වයස් පිරිලා තියෙන්න ඕන.

 

හරි, අපි මේ කතා කරන්නේ සෙක්ස් කරන වයස ගැනවත්, සෙක්ස් කරනවද නොකරනවද කියන එක ගැනවත් නෙවෙයි. අපි මේ කතාකරන්නේ සෙක්ස් සම්බන්ධයෙන් අපි ඕනම කෙනෙක් සමහර වෙලාවට කරන වැරැද්දක් ගැන. ඒ තමයි සෙක්ස් කියන දේ යම් යම් අවස්ථාවන් වෙනුවෙන්, යම් යම් වෙනත් දේවල් වෙනුවෙන් පාවිච්චි කරන එක. එහෙම සෙක්ස් පාවිච්චි කරන එක වැරදි වෙන්නේ ඒකෙන් වෙනත් පාර්ශවයන්ට වගේම අපිටත් යම් කිසි විදියකින්, යම් තාක් දුරකට ඩැමේජ් වෙන්න පුළුවන් නිසා.

 

එහෙමනම් බලමු, සෙක්ස් පාවිච්චි නොකෙරෙන්නේ මොන වගේ දේවල් වලටද, මොනවගේ අවස්ථාවන් වලටද කියලා. ඒක තේරුම් ගත්තොත්, සෙක්ස් කියන එක පාවිච්චි නොකර, සුන්දර දෙයක් විදියට රසවිඳින්න පුළුවන් වෙයි!

 

මේක නම් කවුරුවත් නොදන්න දෙයක් වෙන්න බෑ. ජොබ් එකෙන් උඩට යන්න, ජොබ් එකක් හදාගන්න, ජොබ් එකේ වැජඹෙන්න, ජොබ් එක සුරක්ෂිතව තියාගන්න වගේ ජොබ් එක සම්බන්ධ විවිධ හේතු වෙනුවෙන් සෙක්ස් කරන එක සෑහෙන්න සාමාන්‍යකරණය වෙලා. මේකට හැබැයි කියන්නේ ලිංගික අල්ලස් දීම සහ ලිංගික අල්ලස් ගැනීම කියලා තමයි. මේක ඕන නම් ජොබ් එක නැතුව, ව්‍යාපාරික කටයුතු වලදී වාසි ගන්න ලිංගික අල්ලස් දීම කියන තැනින් ගන්නත් පුළුවන්. හරි. කොයික කොහොම වෙතත්, මේක හොඳ දෙයක් නෙවෙයි. අඩුතරමින් තමන්ගේ වෘත්තිය ජීවිතය ඉහළට යන්නේ තමන්ගේ හැකියාවෙන් කියලා සතුටු වෙන්නවත් බැරි දෙයක්. ඒ වගේම තමයි, මේ වගේ දෙයක් ලීක් වෙනවා කියන්නෙත් තමන්ගේ සේවා සගයන්ගේ විතරක් නෙවෙයි, තමන් ඉන්න ක්ෂේත්‍රයේම තමන් ගැන තියෙන ගෞරවය නැතිවෙලා යන එක තමයි.

 

මේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ගොඩක් මිනිස්සුන්ට තියෙනවා අනාරක්ෂිත හැඟීම්. ඒ කියන්නේ තමන් ගැන තමන්ට සෑහීමක් නැති තැන්. සමහරු තමන් මිටියි කියලා අප්සෙට් එකේ ඉන්නවා. සමහරු තමන් මහතයි කියලා අප්සට් එකේ ඉන්නවා. සමහරු තමන් කළුයි කියලා අප්සට් එකේ ඉන්නවා. මේ බාහිර පෙනුමෙන් එහාට යන අනාරක්ෂිත කම් වුනත් තියෙනවා, ඒත් අපි කතාවේ ලේසියට මේ ටික දැනට ගමු. දැන් මෙතන ප්‍රශ්නේ වෙන්නේ, මේ අනාරක්ෂිත කම් වලින් එන අප්සට් එක සංතෘප්ත කරගන්න කෙනෙක් සෙක්ස් පාවිච්චි කරන්න පුළුවන් වීම. පැහැදිලි නැද්ද? උදාහරණයක් විදියට කොල්ලා කාලේ තමන් මහතයි කියලා කෙල්ලෝ යාලු වුනේ නැති කෙනෙක්, පස්සේ කාලෙක තමන්ට ධනය හෝ බලය නිසා සෙක්ස් ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙනකොට, අර මහතයි කියන අප්සෙට් එක වහගන්න සෙක්ස් කරනවා. එතකොට එයත් එක්ක සෙක්ස් කරන්න කට්ටිය එන්නේ මිනිහට දැන් සල්ලි තියෙන නිසා වෙන්න පුළුවන්, බලය තියෙන නිසා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ, ඒකෙන් අනාරක්ෂිත භාවය නැතිවෙන්නේ නැති එක.

 

මේකත් බොහොම ජනප්‍රිය අවස්ථාවක් සෙක්ස් කරනකොට. ඒ කියන්නේ අපි කියමු ඔන්න ආදර සම්බන්ධතාවයක් කැඩිලා ෆුල් අවුල් වෙලා ඉන්නවා කියලා. එතකොට ඔන්න අපි ඒක අමතක කරන්න කියලා කවුරුහරි එක්ක සෙක්ස් කරනවා. ඇත්තටම සෙක්ස් කරන එකේ මෙතන අවුලක් නෑ. අවුල තියෙන්නේ, පරණ එක්කෙනා අමතක කරන්න සෙක්ස් කළා කියලා, පරණ එක්කෙනා අමතක නොවෙන එක. ඒ වගේම සෙක්ස් කරන කෙනා අපි ගැන බලාපොරොත්තු තියාගෙන සෙක්ස් කළොත් තත්ත්වේ තවත් බරපතලයි. ආන්න ඒ නිසා ලව් කැඩුණු වෙලාවක සෙක්ස් කරනවා නම්, එක්කෝ ෂුවර් එකක් තියෙන්න ඕන තමන් සෙක්ස් කරන්නේ මොකක් නිසාද කියන එක ගැන. අනික, අනික් පාර්ශවය මේක ලිංගික සම්බන්ධයක් මිසක් ආදර සම්බන්ධයක් කියලා වරදවා වටහා ගන්නේ නැහැ කියන ෂුවර් එකත් තියෙන්න ඕන.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here