Phone එක විතරක් Smart වෙලා මදි හෑන්ඩ් බෑක් එක ගැනත් හිතන්න – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
8

හෑන්ඩ් බෑක් කියන්නේ කාන්තාවකට නැතිව බැරි දෙයක්. හැබැයි කොච්චර ලස්සන හෑන්ඩ් බෑක් එකක් වුණත් වැඩක් නැහැ ඒක ඇතුළ කුණු ගොඩක් වගේ නම්. හමෝම හිතන්නේ ෆෝන් එක විතරක් ස්මාර්ට් වුණම ඇති කියලයි. හැබැයි ඒක ස්මාර්ට් කර ගන්න කලින් ඔයත් ස්මාර්ට් වෙන්න. ඒ තුළට ඔයාගේ හෑන්ඩ් බෑක් එකත් ස්මාර්ට්ව තියා ගන්න.

ඒ වෙනස ඇති කර ගන්නේ මෙහෙමයි.

හෑන් බෑක් එකට අසුරා ගත යුතු දේවල් ගැන මුලින්ම සැලකිලිමත් වෙන්න. ඔබ මේකප් කරන යුවතියක් නම්  ඔබට අවශ්‍ය මේක්අප් භාණ්ඩ කුඩා බෑයක දමා හෑන්බෑගය තුළ අසුරා ගන්න. ටිෂූ පේපර් නිතර අවශයවන නිසා එළියට නෙරා ඇති කුඩා පොකට්ටුවකින් අසුරා ගන්න. එවගේම තමයි හැමදේටම වඩා පෙර සූදානම ඉතාමත් වැදගත්. ඒ නිසා හදිසි වර්ෂාවකදී තෙත කුඩය දමා ගන්න පොලිතීන් කවරයක්, ඇඳුමක් ඉරීම, සෙරෙප්පුවක් කැඩීම වගේ වෙලාවක ප්‍රයෝජනයට ගන්න ආයා කටු කිහිපයක් ඔබේ අත් බෑගයේ තබා ගන්න. සෙරෙප්පු අලවන ගම් වර්ගයක් පවා තබා ගැනීම නුවණැති ක්‍රියාවක්. ඒ වගේම තමයි මුල් පසුම්බියට අමතරව ඇතුළත පොකට්ටුවක මුදල් තැන්පත් කර තබන්න. මේ හැමදේම කලවමේ ඔබා ගන්නවට වඩා වෙනවම කුඩා බෑගවල දමා අසුරා ගන්න.

ඒවගේම තමයි හෑන්ඩ් බෑගයෙන් ඉවත් කළ යුතු දේවල් ගැනත් අවධානය යොමු කරන්න. ඔබ පාවිච්චි කළ ටිෂූ. පරණ මේක්අප් බඩු, ටොෆි චොක්ලට් කොළ,පරණ පෑන් අදාය හෑන් බෑගයෙන් ඉවත් කරන්න. ඒවගේම තමයි ඔබ වතුරු බොතලයක් රැගෙන යනවානම් එහි පියන තදින්වසා බෑගයට දමා ගැනීමට අමතක කරන්න එපාත. මොකද වතුරු හැළුනොත් ඔක්කොම ඉවරයි.

ඔබ කාර්යාලයට ගෙනියන බෑගයේ දහවල් ආහාර රැගෙන යනවානම් එහි එක් පැත්තකත්, රූපලාවණ්‍ය බඩුබාහිරාදිය අනෙක් පැත්තේ ඇසිරීමටත් මතක තබා ගන්න. නැත්නම් හොඳම දේ, ආහාර ගෙනියන්න කුඩා රෙදි මල්ලක් භාවිතා කිරීම.

හැම විටකම අනවශ්‍ය දේ එදිනෙදා ඉවත් කරන්න. සතියකට වතාවක් වත් බෑගය සෝදා හෝ අව්වේ දමා පිරිසිදු කරගන්න. මේ පුංචි දේ හරි විදිහට පිළිවෙල කර ගත්තොත් ඔයා ස්මාර්ට් කෙනෙක් වෙන එක කාටවත්ම නවත්තන්න බෑ.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about how to choose a hand bag   . You can read the article and put your feedback on it.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here