අනුර දුන් දිනවල විවාදය බෑ.. ‘සක්වල’ යොදාගෙන තියෙනවා..- SJB දන්වයි

0
15

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් විවාදයක් සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇති දිනවල එම විවාදය පැවැත්විය නොහැකි බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා එම දිනවල සක්වල හා වෙනත් වැඩසටහන් කිහිපයක් යොදාගෙන ඇති නිසා තිබීම ඊට හේතුව බවයි.

එනිසා පාර්ශවයන් දෙකම එකට හිඳ සාකච්ඡා කර සුදුසු දිනයක් වෙන් කර ගතයුතු බවද මන්ත්‍රීවරයා කියා සිටී.

සජිත් ප්‍රේමදාස මහතා හා අනුර දිසානායක මහතා අතර විවාදය සඳහා මැයි මස 07, 09, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදාගත හැකි බවට දිසානායක මහතා විසින් නලින්ද ජයතිස්ස මහතා හරහා සමගි ජන බලවේගයට දැනුම් දී තිබින.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here