අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව් දෙනා රිමාන්ඩ්

0
18

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

මුල්ලේරියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත හමුවට අද ඉදිරිපත් කරනු ලැබුවා.

පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 434ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here