අයිෆල් කුළුණ ගැන වැඩි දෙනෙක් නොදන්නා කරුණු – Saru News Media

0
4

හැමෝම දන්නවනේ අයිෆල් කුළුණ කියන්නෙ මොකක්ද කියලා. ඒ වගේම අයිෆල් තියෙන්නෙ ප්‍රංශයේ කියලත් දන්නවා ඇතිනේ. ප්‍රංශය කියන්නෙ කොයි කවුරුත් සංචාරය කරන්න බොහොම කැමති රටක් වගේම අයිෆල් කුළුණ කියන්නෙ ඒ රටේ තියෙන සුවිශේෂම සංචාරක ස්ථානයක්. අයිෆල් කුළුණ ඉදිකරන්න පටන් අරන් තියෙන්නෙ 1887 ජනවාරි 28 වෙනිදා. ඒ කියන්නෙ මීට අවුරුදු 134කට කලින්. ඒ වගේම අයිෆල් කුළුණේ වැඩ ඉවර කරලා තියෙන්නෙ 1889 මාර්තු 15 වෙනිදා. යුනෙස්කෝ සංවිධානයත් ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා අයිෆල් කුළුණ. ඉතින් ගොඩක් දෙනෙක් බලන්න යන්න, ගොඩ වෙන්න කැමති අයිෆල් කුළුණ ගැන ගොඩක් දෙනෙක් නොදන්නා කරුණු කාරණා ටිකක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නෙ. 

 

දෙවෙනි ලෝක යුද්ධය කළේ ජර්මානු නාසි හමුදාවන් ප්‍රංශය යටත් කරගත්තට පස්සේ ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රංශයේ සංචාරයක් සඳහා සැලසුම් කරගත්තා. ඒ සංචාරයේදී අයිෆල් කුළුණත් නගින්නට හිට්ලර් අදහස් කරගෙන ඉඳලා තියෙනවා. ඒ බව දැනගත්තු ප්‍රංශ ජාතිකයෝ අයිෆල් කුළුණේ සෝපාන ඔක්කොම කේබල් වලින් කපලා දාලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි ප්‍රංශ ජාතිකයින් යුද්ධයට අකමැති බව ඒ තුළින් තේරුම් කරවීම. කේබල් කපල දැම්මම හිට්ලර් අයිෆල් මුදුනට යන එකක් නෑ කියලයි ඔවුන් හිතුවේ. නමුත් හැමෝවම පුදුමයට පත් කරමින් හිට්ලර් අයිෆල් මුදුනට ගියාලු.

 

 

ඔව් එයා දැන් කසාද බැඳපු කෙනෙක්. බොහෝ දෙනෙක් නොදන්නවා ඇති ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුණ කාන්තාවක් විවාහ කරගත්තු බව. 2004 අවුරුද්දේ අයිෆල් කුළුණ නරඹන්නට යනවා Erika LaBrie කියන කාන්තාව. ඇය වෘත්තියෙන් දුනු ක්‍රීඩාවේ නිරත වෙන ක්‍රීඩිකාවක්. ඉතින් අයිෆල් නැරඹන්න ගිය අවස්ථාවේ ඇය අයිෆල්ට ආදරේ කරන්න පටන් ගන්නවා. ඒ ආදරේ ප්‍රතිඵලයක් විදිහට 2007 දී අයිෆල් කුළුණ සහ එරිකා විවාහ වෙනවා. ඒ අනුව එරිකාගේ නම එරිකා අයිෆල් විදිහට වෙනස් කරගන්නවා.

 

 

අද නම් අයිෆල් කුළුණ අමතක කරලා පැරිස් නුවරක් ගැන හිතන්නත් අමාරුයිනේ. හැබැයි ඔයාලා නොදන්නවා ඇති මේ නිර්මාණය ගොඩනැගුවේ මෙච්චර ලොකු කාලයක් පවතින්නවත්, පැරිසියේ ප්‍රධාන සංචාරක ස්ථානයක් වෙන්නවත් නෙමෙයි කියන එක. අයිෆල් කුළුණ නිර්මාණය වුණේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ප්‍රංශයේ පැවැත්වුණු ලෝක ප්‍රදර්ශනය වෙනුවෙන්. ඉතින් ඒ මූලික සැලසුම් වලදී නිර්ණය කෙරුණේ මේ ඉදිකිරීම අවුරුදු විස්සක පමණ කාලයක් සඳහා ඉදිකරන්නත් පස්සේ ඉවත් කරන්නත්. හැබැයි ටික කාලෙකින් මේකේ නිර්මාණකරුවන්ට තේරුම් යනවා මේ නිර්මාණයේ අලංකාරත්වය සහ මේකෙන් නගරයට ඇති වැදගත්කම. ඒ නිසා අදාළ නිර්මාණකරුවන් සහ නගරයේ පාලන අධිකාරිය තීරණය කරනවා මේ ඉදිකිරීම නඩත්තු කරමින් ඉදිරියට පවත්වාගෙන යන්න. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here