අර්තාපල් සලාදයක රස බලමු – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
9

අපි අර්තාපල් කන්න පුරුදු වෙලා ඉන්නේ කිරි හොද්දක් විදිහට නැතිනම්  අල බැඳුමක් විදිහට. නමුත් අපි හැමෝම දන්න අර්තාපල් වලින් ඊටවඩා වෙනස් රස කිහිපයකින් ආහාර පිස ගන්න පුළුවන්. අද කියන්න යන්නෙත් අල්තාපල් හදපු වෙනස්ම කෑමක් ගැන. මේකට කියන්නේ අර්තාපල් සලාදය කියලා. අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය…

අවශ්‍ය ද්‍රව්‍ය
අර්තාපල් ග්‍රෑම් 500
සැල්දිරි කිනිත්තක්
ලුණු රසට අනුව
සිහින්ව ගා ගත් චීස් මේස හැඳි 2
ගම්මිරිස් රසට අනුව
පාස්ලි කිනිත්තක්
විනාකිරි මේස හැඳි 3
දෙහි යුෂ ස්වල්පයක්
සලාද තෙල් මේස හැඳි 2

සාදන ආකාරය
අර්තාපල් සෝදා බෙරි නොවන සේ තම්බා ගන්න. දැන් ‍පොත්ත ඉවත්කර කුඩා කොටු ලෙස කපා ගන්න. සැල්දිරි පාස්ලි සෝදා දිය බේරා හැර ඉතාම සිහින්ව කපා ගන්න. දැන් බඳුනක් ගෙන එයට විනාකිරි, දෙහි යුෂ සලාද තෙල්, ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍රකර ගන්න. දැන් සිහින්ව කපා ගත් පාස්ලි, සැල්දිරි අල කැබැලිද දමා හොඳින් මිශ්‍රකර පැතැලි දීසියකට දමන්න. මේසයට යැවීමට පෙර සිහින්ව ගා ගත් චීස් උඩින් ඉසින්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about prepairing a poteto salad. You can read the article and put your feedback on it. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here