තරුණ පෙනුම රකින ආහාර වර්ග – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
4

වයසට යනවට අපි කව්රුවත්ම කැමති නැහැ. වයසට යන එක නවත්ව ගන්න  කාන්තාවෝ නොකරන දෙයක් නැහැ. ඒ සදහා විවිධ කෘතීම රූපලාවන්‍ය ක්‍රම අත්හදා බැලීමට අධික මුදලක් වියදම් කරනවා. නමුත් ඔබ දන්නවද ඒ සඳහා කෘතිම දේවල් පාවිද්දි කිරමෙන්ඔබට නැති ප්‍රශ්නත් ඇතිවන බව. එම නිසා එවැනි කෘතීම පිළියම් වලට වඩා ඔබ කනබොන දේවල්වලින් පරිස්සම් වුණොත් බොරුවට මුදලු වියසම් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ රුව වඩන තරුණ පෙනුම රකින මෙන්න මේ කෑම ආහාරයට ගත්තොත් ඔබ හැමදාමත් ලස්නට ඉදීවී.

තෙල් සහිත මාළු
මාළු වල ඔමේගා-3 මේද අම්ලය අඩංගුයි. (සැමන්, මැකරල්, හෙරින්ග්, සාර්ඩින්, ටූනා) මේ මාළු ආහාරයට ගැනීමෙන් ඔබට නිරෝගී දිදුලන සමක් හිමි කර ගැනීමට හැකි වේ. ඔමේගා-3 අම්ලය සමේ තෙත් බව ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ. මෙම මාළු වර්ග තුල විටමින් E හා සින්ක් වැනි තුවාල සහ ඇක්නි  සුව කරන ඛනිජ වර්ග අඩංගු වෙනවා.

ඇට වර්ග
ඇට වර්ග වල ඔමේගා-3 මේද අම්ලය, සින්ක් හා විටමින් ඊ වලින් පොහොසත්ය. ඊට අමතරව, ඒවායේ  ඛනිජ ප්‍රභේද බොහොමයක් සහ විටමින් වර්ග අඩංගුය. මේවා ඔබේ සමෙහි ඇති පැල්ලම් ඉවත් කරමින්, යොවුන් පෙනුමැති සමක් ඔබට හිමි කර දෙනවා.

මේවයේ අඩංගු විටමින් B සමේ ආසාදන සුව කිරීමටත්, සෙලීනියම් (සම සඳහා ප්‍රතිඔක්සිකාරකයකි) සහ විටමින් C වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කිරීමටත් උපකාරී වෙනවා.

උදා : කජු, වොල්නට්, ආමන්ඩ්

අලිගැටපේර
අලිගැටපේර කියන්නේ සමේ  ඇදෙන සුලු ගතිය හා තෙතමනය  වැඩිදියුණු කිරීමට උදව් වන පෝෂණීය පළතුරක්. අලිගැටපේර Carotenoid වලින් පොහොසත් වන අතර,  ඒවා හිරුගේ හානිවලින් ඔබේ සම ආරක්ෂා කිරීමට උපකාර කරයි.

එමෙන්ම, අලිගැටපේර වල  කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන විශේෂිත දියරමය රසායනයක් වන D-mannoheptulose අඩංගු වේ.

ග්‍රීන් ටී
හරිත තේ  ඔබේ සමේ සෞඛ්‍යයට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. එය හිරු එලියට නිරාවරණය වීම හේතුවෙන් සමට විය හැකි හානි වලින් ඔබේ සම ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරකයන් වන Polphenols සහ catechins වලින් පොහොසත්ය.

යෝගට්
යෝගට් ඔබේ සමට තරුණ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වෙනවා. යෝගට් තුල හිතකර බැක්ටීරියාවන් අඩංගුයි. ඒවා ඔබේ සමේ

රත් පැහැ ගැන්වීම්, ආසාදන සහ කුරුලෑ වැනි සමේ ගැටළු රැසක් පාලනය කර ගැනීමට උපකාර කරනවා.

ඔබේ සමට පෝෂණය ලබා දීම සඳහා යෝගට් මාස්ක් යෙදීමද සිදු කළ හැකිය. යෝගට් වල අඩංගු ලැක්ටෝක් අම්ලය ඔබේ මුහුණේ ඇති වන වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කිරීමටත්, මැරුණු සෛල ඉවත් කිරීමටත් ක්‍රියා කරනවා.

මී පැණි
මී පැණි වල ස්වභාවිකවම ප්‍රතිබැක්ටීරීයා, ප්‍රතිඔක්සිකාරක සහ Humectant (මොයිස්චරයිස් වර්ගයකි) අඩංගු වන අතර, එය සමේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් වේ.

සාමාන්‍යයෙන් මුහුණට දමන මාස්ක් වර්ග වලට මී පැණි යොදා ගන්නා අවස්ථා ඕනෑ තරම් දැකිය හැක. සමේ ආසාදන සහ ඇක්නි සුව කිරීමටත්, වියළි සම තෙත් කිරීමටත් මී පැණි උපකාර කරනවා.

දොඩම්
ඔබේ සමේ සුන්දරත්වය රැක දීමෙහිලා දොඩම් ඉතා හොඳින් ක්‍රියා කරනවා. දොඩම් වල විටමින් C සහ ජලය අඩංගු වෙනවා.

දොඩම් වල අඩංගු ජලය සම ඇතුලතින්ම වියළි බව ඉවත් කරනවා. එහි අඩංගු විටමින් C, කොලජන් නිෂ්පාදනයෙහි විශාල භූමිකාවක් ඉටු කරනවා.

කොලජන් ඔබේ සම සුමට කර, එල්ලා වැටීම් හා රැලි වැටීම් වැලැක්වීමට ක්‍රියා කරනවා.

ඔලිව් ඔයිල්
ඔලිව් ඕයි ඔබේ සමේ සුන්දරත්වය රැක ගැනීමට බෙහෙවින් උපකාරී වෙනවා. ඔලිව් ඔයිල් වල ඔමේගා- 3 මේද අම්ලය සහ Polyphenols අඩංගු වෙනවා. ඔබේ ආහාර වලට මේ තෙල් වර්ගය එක් කර ගන්න. Polyphenols ඔක්සිකාරක හානි වලින් ඔබේ සම ආරක්ෂා කර ප්‍රදාහයට එරෙහිව සටන් කරනවා.

කහ කුඩු
කහ කුඩු කුළු බඩු වර්ගයකි.  එය ප්‍රදාහය සුව කරන අතර, කුරුලෑ සුව කිරීමට උපකාරී වෙනවා. සමේ ඇති වන ඔක්සිකාරක හානි වළක්වා,  හිරු එලියට නිරාවරණය වීම නිසා හානි වූ සම අලුත්වැඩියා කිරීම හා සමේ පිළිකා ඇති වීම වළක්වයි.

 

 

[dt_gap height=”10″ /][dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about the food that healps to keep your young look. You can read the article and put your feedback on it.We do not like aging. Women do  anything to stop aging. For this, we spend a lot of different artificial beauty treatments.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here