අර Purge සීන් එක ලංකාවෙත් පටන් ගත්තොත්, බේරෙන්නේ කොහොමද? – Saru News Media

0
132

ඔය කවුරුත් අර Purge ෆිල්ම් එක එහෙම බලල ඇතිනේ. ඒකේ කතන්දරේ මෙහෙමයි. ඇමරිකාවේ එක දිනයක් තියෙනවා. ඒ දිනේ හවස ඉඳන් පහුවෙනිදා උදේ වෙනකල් පැය 12 ක කාලයක්, ඕනෑම අපරාධයක් නීත්‍යානුකූලයි. ආයෙ මිනී මරන්න, ලිංගික අපරාධ කරන්න, මංකොල්ල කන්න වගේ ඕනම අපරාධයක් කරන්න පුලුවන්. ආයෙ පොලිසිය, හමුදාව පැත්ත පලාතේ නෑ, රෝහල් ඇම්බියුලන්ස් එහෙමත් හොයන්න නෑ. එතකොට ඔය වගේ අපරාධ වලට අවශ්‍ය අවි ආයුධ, ගිනි අවි එහෙමත් රටේ ඕනම තැනකින් ඕනම වෙලාවක මිලදී ගන්න පුලුවන්. ඉන්ෂුවරන්ස් එහෙම ඔය වෙනකොට දරන්නත් අමාරු තරම් ඉහළ ගිහින් නිසා, තමන්ගේ ආරක්ෂාව තමන්ටම තමයි බලාගන්න වෙන්නේ.

 

දැන් ඔය වගේ අපරාධ පැය 12 ක් නීතිගත වෙන තත්වයක් ආවොත්, අපිටත් මරු ආතල් එකක් ගන්න පුලුවන් කියලා කෙනෙක් හිතන්න පුලුවන්. “අඩේ, එහෙම වුණොත් කෙලින්ම ටවුමේ තියෙන සුපර් මාකට් එකට පැනලා ආස කරන එව්වා ඔක්කොම ගෙදර ගේන්න පුලුවන්” කියලා හිතන්න පුලුවන්. හැබැයි අමතක කරන්න එපා. ඔය පැය 12 ඇතුළේ හැමෝටම අපරාධ කරන්න පුලුවන්. ටවුමේ තුවක්කු ගත්තු ගැන්සි සැරිසරනවා වෙන්න පුලුවන්. අපිත් එක්ක පොඩි කෝන්තරයක් හරි තියෙන කෙනෙක් අපිව දඩයම් කරන්න සැලසුමක් හදලා තියෙනවා වෙන්න පුලුවන්. ඒ නිසා, මේ වගේ තත්වයක් ඇති වුණොත්, මුලින්ම අපිට කරන්න වෙන්නේ අපේ ආරක්ෂාව බලාගන්න එක. ආන්න ඒක කරන්න උපදෙස් කීපයක් තමයි මේ.

 

If the purge comes to Sri Lanka, how would you prepare

පැය 12 ක අපරාධ නීතිගත කාලයේදී දිවි බේරාගන්න නම් ඇත්තටම කරන්න තියෙන පළවෙනිම දේ තමයි ධනවත් වෙන එක. මේක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔය purge ෆිල්ම්ස් බලනකොට අපිට තේරෙනවා, ඒ වෙනකොට තියෙන්නේ ධනපතියා තවත් ධනවත් වෙන, දුප්පතා තවත් දුප්පත් වෙන සිස්ටම් එකක් කියන එක. ඒ සිස්ටම් එකත් එක්ක සටන් කරන එක purge එකෙන් බේරෙනවටත් වඩා අමාරුයි. හැබැයි හොඳ මූල්‍ය සැලසුමක් සහ නව ආදායම් මාර්ග එක්ක ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. දැන් මේ ධනවත් වීම කොහොම වෙතත්, තමන්ට සුවපහසුවෙන් සහ ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් තියෙන එක වටිනවා. ඇයි කියලා ඉස්සරහට කියවගෙන යනකොට තේරෙයි.

 

If the purge comes to Sri Lanka, how would you prepare

මේක ඉතින් වැදගත් වෙන්නේ purge නයිට් එක දවසට. ඒ තමයි, ගෙදරම ඉන්න කියන එක. ගෙදර ආරක්ෂක සංවිධාන තර කරන විදිය අපි පහළ කියලා තියෙනවා. ඒ නිසා, හොඳම දේ තමයි, ජීවිතයයි මරණයයි අතර දේකදී ඇරෙන්න purge නයිට් එක දවසේ හෝ ඊට කලින් දවසේ හෝ කොහේ හරි දුර බැහැරක යනවා වගේ අවදානම් නොගන්නවා නම් හොඳයි. මොකද, purge එකට කලින් ගෙදර එන්න කියලා හිතාගෙන ආවට, අතරමඟදී මොනවා හෝ කරදරයක් වෙලා, purge නයිට් එකේදී යන්න එන්න තැනක් නැතුව හිරවෙන්න වුණොත් එහෙම දෙයියන්ගෙම පිහිටයි. අනික මතක තියාගන්න, ඔය purge ෆිල්ම්ස් වල විදියට නම්, ක්ලාස් 4 වලට අඩු ඕනෑම ආයුධයක් නීත්‍යානුකූලයි ඔය පැය 12 අපරාධ කාලයේදී. ඒ කියන්නේ ස්නයිපර් ගත්තු පිස්සෝ එහෙම වහලවල් උඩ ඉඳන් පාරේ ඉන්න අයව ටාගට් කරන එක ලේසියෙන්ම වෙන්න පුලුවන් දෙයක්. ඒ ඇරෙන්න ඔය මර උගුල් එහෙමත් තියෙන්න පුලුවන්. ඒ නිසා හොඳම දේ ගෙදරට වෙලා ඉන්න එක.

 

If the purge comes to Sri Lanka, how would you prepare

දැන් ඔය purge එක තිබ්බත් නැතත් ගෙදර දොර අවට, වත්ත පිටිය සුද්ධ බුද්ධ කරගෙන තියාගෙන ඉන්න එක කොහොමත් හොඳයි. එහෙම නැතිනම් ඉතින් සත්තු සර්පයි ගෙට රිංගලා වෙනම කරදරයක් වෙනවා. දැන් purge රාත්‍රියක් තියෙනවා නම්, ඊට කලින් වත්ත පිටිය හොඳට සුද්ධ කරලා තියන එක හොඳයි. මොකද, purge එකට අපිට ගේමක් දෙන්න එන හොර හතුරෙක්ට වුණත් පහසුවෙන් හැංගිලා ඉන්න පුලුවන් විදියට ගස් කොළන් ඕනවට වඩා වැවිලා තියෙන එක අවදානම්. ඒ විතරක් නෙවෙයි, purge නයිට් එකට අපිව මරන්න හරි කොල්ලකන්න හරි හිතාගෙන එන කෙනෙක්ට වුණත්, අපිට නොපෙනී ගේ ලඟටම එන්න පුලුවන්නේ එහෙම තත්වයක් තිබුණොත්. ඒක ආරක්ෂාවට අවදානමක්.

 

If the purge comes to Sri Lanka, how would you prepare

දැන් අපේ අරමුණ වෙන්නේ purge නයිට් එකේදී ආරක්ෂා වෙන එකනේ. ඒකට ප්‍රධානතම අවශ්‍යතාවයක් තමයි තමන් ඉන්න ගෙදර බලකොටුවක් බවට පත් කරගන්න එක. නිකම්ම, ජනෙල් දොරවල් ලොක් කරන එක විතරක් කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. මතක තියාගන්න, අපි මේ ආරක්ෂා වෙන්න හදන්නේ නිකම්ම ගෙට පනින්න හදන හොරෙක්ගෙන් නෙවෙයි. ප්‍රබල අවි ආයුධ අරගෙන එන කණ්ඩායම් වලින්. ඒ නිසා, වෙඩි නොවදින ලෝහ තහඩු වලින් සම්පූර්ණයෙන්ම ගෙට ඇතුළු වෙන්න පුලුවන් දොරවල්, ජනෙල්, වා කවුළු වගේ හැම තැනක්ම ආවරණය වෙන විදියේ සිස්ටම් එකක් හදාගන්න එක අත්‍යවශ්‍යයි. එතකොට කිසිම කෙනෙක්ට බයිපාස් කරන්න බැරි විදියේ අගුළු එහෙමත් දාගන්න ඕන. මේ විදියේ purge නයිට් එකක් ඇතිවුණොත් ඉතින් ඔය විදියේ ගෙවල් ආරක්ෂා කරන සිස්ටම් විකුණන්න වෙනම වෙළඳපොළක් එහෙමත් හැදෙයි. හැබැයි ඉතින් ඒ සිස්ටම් ලොකු ධනවතුන්ට විතරක් දරන්න පුලුවන් අස්ප ගණන් වෙයි. එහෙම තත්වයකදී එක්කෝ තමනුත් ධනවත් වෙන්න ඕන. ඒක තමයි අපි ආ මුලින්ම කිව්වේ. එහෙම නැතිනම් ඉතින් තමන්ගේ පරිකල්පනය සහ හැකියාවන් පාවිච්චි කරලා ඔය සිස්ටම් එක තමන්ටම හදාගන්නත් පුලුවන්. ඕන නම් විදුලිය කවපු වැටක් එහෙමත් හදාගන්න පුලුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here