අවාරයේ දෙල් කමු – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
19

දෙල් කියන්නේ රසවත් ව්‍යාංජනයක් විදිහට වගේම වියළා ගත් පසු රස කැවිල්ලක් විදිහටත් ආහාරයට ගන්න පුළුවන් ගුණදායි එළවලුවක්. නිසි ආකාරයෙන් පිළියෙළ කරගත්තොත් දිගු කාලයක් තබාගන්නත් පුළුවන්. අපේ මුතුන් මිත්තන් ආහාර හිඟ කාලවලදී ප්‍රයෝජනයට ගන්න දෙල් සංරක්ෂණය කර තබාගත් බව ප්‍රසිද්ධ කරුණක්. මේ ලිපිය කියවන ඔබටත් පුළුවන් ඒ ක්‍රමය අනුගමනය කරන්න.

මේ සඳහා තෝරාගත යුත්තේ හොඳින් පැසුණ , ඒ වගේම අලුත් දෙල් ගෙඩියි. එසේ තෝරාගත් දෙල් කල්තබා ගැනීම සඳහා පිළියෙළ කරගන්නේ කොහොමද කියා දැන් විමසා බලමු .

  • දෙල් ගෙඩිය හොඳින් සෝදා පොතු ඉවත් කර ගන්න. කපා ආහාරයට නොගන්න කොටස් සියල්ලමත් ඉවත් කර ගන්න.
  • කපා ගත් කැබලි සිහින් තීරු ලෙස නැවත කපා ගන්න.
  • තීරු කපා ගත වහාම ඒවා ලුණු මිශ්‍ර වතුරට දමන්න.එසේත් නැතිනම් ලුණු හා කහ දමා අත ගා පසෙකින් තබන්න.
  • පිරිසිදු රෙදි කඩක ගැටගසා උතුරන වතුර බඳුනකට දෙල් තීරු දමා විනාඩි දෙකක් පමණ බා එක්වර පිටතට ගන්න .මෙම ක්‍රියාව ‘බ්ලාන්ච්’ කිරීම ලෙස හැඳින්වෙනවා.
  • පිටතට ගත් පසු දින තුනක් තද අව්වේ වියළා ගන්න.
  • ඉන්පසු සුදුසු පරිදි ඇසුරුම් කරගන්න.

වියළා ගත් දෙල් මැල්ලුමක් හෝ බැදුමක් ලෙස ආහාරයට ගැනීමට පෙර විනාඩි 20ක් පමණ මද උණුසුමක් ඇති ජලයේ දමා තබන්න.

රස කැවිල්ලක් ලෙස පිළියෙළ කරගන්නේ නම් අවශ්‍ය පරිදි තීරුවලට කපා හෝ නොකපා රත් වූ තෙලේ බැද ගන්න. සීනි උණුකර ඒවා මතට දමන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here