කරපිංචා බත – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
31

මෙච්චර කාලයක් අපි කරපිංචා පාවිච්චි කළේ ආහාර රස ගන්වන්න එහෙමත් නැතිනම් කරපිංචා කැඳක් විදිහට පානය කරන්න. හැබැයි දැන් තත්වය වෙනස්. මේ කියන්න යන්නේ කරපිංචා මිශ්‍රකරලා හදන බතක් ගැනයි. මෙන්න මෙහෙමයි  ඒක හදා ගන්නේ..

අවශ්‍ය ද්‍රව්‍ය
සූදුරු සම්බාකිලෝ 1
එළඟිතෙල් මේස හැඳි 3
සිහින්ව කපාගත්,
ලොකු ලූනු ගෙඩි 3
අඹරාගත් ඉඟුරු සහ සුදුලූනු මේස හැඳි 2
අඟලක පමණ සේර කැබැල්ලක්
රම්පේ කැබැල්ලක්
එන්සාල් කරල් 5ක්
කරාබු නැටි 2ක්
කුරුඳු කැබැල්ලක්
තම්බාගත් ග්‍රීන් පීස් ග්‍රෑම් 200
කොළ පාට කලරිං බිංදු කීපයක්
ගැඹුරු තෙ‍ලේ බැදගත් හොඳින්
මේරූ කරපිංචා කොළ අඬු කෝප්ප 1/2
ගැඹුරු තෙ‍ලේ රටකජු ග්‍රෑම් 100
ලුණු රසට අනුව

සාදන ආකාරය
සහල් ගරා හොඳින් සෝදා දිය බේරාගන්න. එළඟිතෙල් ළිප තබා රත්වන විට ඉඟුරු සුදුලූනු සේර රම්පේ එන්සාල්, කරාබුනැටි, කුරුඳු‍පොතු සහ ලුණු දමා තෙම්පරාදු කරන්න. රන්වන් පාටට ඒමට පෙර සහල් සහ ලුණු එකතු කර වතුර දමන්න. බත උතුරා වතුර හිඳීගෙන එනවිට කොළ පාට කලරිං බිංදු කීපයක් බතේ තැනින් තැනට දමා කලවම් කරන්න. බත පීසු පසු බැදගත් කරපිංචා ග්‍රීන්පීස්, රටකජු කලවම් කර පිළිගන්න.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about karapincha leaves rice  .You can read the article and put your feedback on it. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here