ඇස් යට කළු වෙලා නම් මේ දේ කරලා බලන්න – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
46

ඇස් යට කළු වීම කියන්නේ අද බොහෝ දෙනෙකුට
තියන ගැටලුවක්. මේකට විවිධ හේතූන් බලපානවා. ඉන් කිහිපයක් ලෙසට වයසට යෑම, සමේ වියළි බව, දිගු වේලාවක් හැඬීම, දිගු වේලාවක්
පරිගණකය ඉදිරියේ වැඩ කිරීම, මානසික ආතතිය, නින්ද අඩුකම, පෝෂ්‍යදායි ආහාර නොගැනීම ආදිය ඉන් කිහිපයක් ලෙස දක්වන්න
පුළුවන්. ඇස් යට කළු වීම කියන්නේ බරපතළ සමේ රෝගයක් නෙවෙයි.  ඔන්න ඉතිං මේ
තත්වයෙන් මිදෙන්න පුලුවන් ලේසියෙන්ම ගෙදරදිම කර ගන්න පුළුවන් ප්‍රති කර්මයක් ගැනයි
අපි ඔබට කියන්න යන්නෙ.

පිපිඤ්ඤා කියන්නේ ආහාරයක් වගේම සමට ඉතාමත් හිතකර දෙයක් කියලා ඔබ
දැනටමත් දන්නවා ඇති. ඒ වගේම තමයි පිපිඤ්ඤා කියන්නේ ‍සම පැහැපත් කිරීමටත් බහුලව යොදාගන්නා ඉතාම
පෝෂ්‍යදායී එළවළුවක්. මෙයින් ඔබගේ දෑස්වල ඇති විඩාබර පෙනුම නැති කරයි. එමෙන්ම
මෙයින් ඔබේ ඇස් වටා සම සිනිඳු කර නැවුම් පෙනුමක් ලබා දෙයි.

පිපිඤ්ඤා
ගෙඩියක් ගෙන තරමක් සිහින් පෙති කපා ඒවා මිනිත්තු 30ක් ශීතකරණයේ දමා සිසිල් කර
ගන්න. ඉන්පසු එම පෙති මිනිත්තු 10ක් පමණ ඇස් මත තබාගෙන හිඳ ඉවත් කර ජලයෙන් සෝදා හරින්න. දවසට
දෙපාරක් සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් මෙය සිදු කරන්න.

පිපිඤ්ඤා
යුෂ හා දෙහි යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර එය ඇස් වටා තවරා මිනිත්තු 15 පමණ තබා ජලයෙන් සෝදා හරින්න.
සතියක් පමණ මෙසේ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැක.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here