ඔබ හරියට හුස්ම ගන්නවාද ? – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
44

බොහොමයක් රෝග වලට හේතුව නිවරදිව හුස්ම නොගැනීම බව ඔබ දන්නවාද ?
දැනට විද්‍යාවෙන් හොයාගෙන තියෙන කරුණු අනුව අපිට හැදෙන ලෙඩ රෝග වලින් විශේෂයෙන්ම ශ්වසනය සම්බන්ධ රෝග වලින් 80%කටත් වඩා හැදෙන්න හේතුව වෙන්නෙ නිසි ලෙස හුස්ම නොගැනීම.
සම්පූර්ණ හුස්ම නොගැනීම තුලින් මොලයට උවමනා ඔක්සිජන් නොලැබීමෙන් මොලයේ සෛල මියයන බව ඔබ දන්නවාද ? ඔව් මොලයේ සෛල බිලියන ගණන් තියෙනව තමයි ඉතින්. ඒත් කාලය එක්ක ටික ටික අඩු උනාම මතකය අඩු වෙන එක, විවිධ ලෙඩ රෝග ඇති වෙන බව ඔබ දන්නවද ?
නොමිලේ ලැබෙන වාතයෙන් දිනකට අඩුම තරමින් දිනකට 20 වතාවක්වත් සම්පූර්ණ හුස්ම 20ක් ගැනීමට ඔබට පුලුවන් නේද ?
හොඳයි ඒක තේරෙනව නම් උදේම මේ දේ කරලා දවස පටන් ගන්න.

Image source : findatopdoc.com

එසේ නම් උදේ අවදී වූ පසුව සිසිල් වතුර වීදුරුවක් පානය කර සම්පූර්ණ හුස්ම 20ක් ගන්න.

නාසයෙන් හුස්ම ගන්න කටින් හුස්ම පිට කරන්න. මෙහෙම 20 වතාවක් කරන්න. හැමදාම මේක කරන්න වඩා හොඳයි මනා වාතාශ්‍රය තියෙන තැනක ඉදන් කරනවා නම්. ඉතින් එහෙම කාලයක් කරාම ඔබටම තෙරේවි වෙනසක්. අත්දැකීමෙන් වෙන දෙයක් තමයි හිතේ ප්‍රබෝධය ඇති වෙනව. ඒක වටින දෙයක් වෙනව. ඊලගට වෙනදට වඩා මතකය දියුණු වේවි, ඒවගේම දෙයක් කරද්දි ඒ ගැන හිතන විදිය වෙනදටත් වඩා හොඳ සහ දියුණු වේවි.

කරල බලන්න. අපිටත් කියන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here