ඔබ කෙට්ටුද ? – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
47

කෙට්ටු ගෑණු ළමයින්ට තියෙන ප්‍රශ්නය තමයි ටිකක් මහත් වෙන එක. ඒ කියන්නෙ අවශ්‍ය තරමට පිරිපුන්ව ඉන්න එක. ඒකට ගොඩක් අය ගොඩක් දේවල් කියනව වගේම කරනවා. නමුත් ගොඩක් වෙලාවට ඒකෙ හරි ප්‍රතිඵල එන්නෙ අඩුවෙන්. ඒකට හේතු ගොඩක් තියෙන්න පුලුවනි.
එක හේතුවක් තමයි හැමෝටම කරන දේ තමන්ට හරි නොයන්න පුලුවන්. අනිත් කාරණය ඔබ දැඩි ලෙස ඒ ගැන හිතනව නම්, ඒ තුල ඇති වෙන ආතතිය නිසාම ඇත්තටම කෙට්ටු වෙලාම ඉන්න ඉඩ වැඩියි.

ඉතින් මූලිකව කල යුතු දේ තමයි, ටිකක් මහත් වෙන්න කැමති අය ඒ ගැන සුභවාදිව හිතන එක. ඒකියන්නෙ තමන්ට පුලුවන් වෙන්න ඕන, තමන් අවශ්‍ය තරමට පිරිපුන් වෙලා අඳින ඇඳුමක් ගැන හිතින් හිතන්න. එතකොට අනිත් අයගෙ ප්‍රතිචාර හිතින් දකින්න. එහෙම උනාම අපේ මොලය ඒ තත්වයට අනුව හැඩගැහෙන්න බලනව. මොළය බොහෝම දියුණුයි, අපිට උවමනා දේ ඒ අනුව කරල දෙන්න මොලය උත්සහ දරනව. චිත්ත රූප මැවීම කියලත් මේකට කියන්න පුලුවනි, නමුත් මේකෙ වැදගත් වෙන්නෙ ඒ අවශ්‍ය තත්වය ගැන විශ්වාසයෙන් උනන්දුවෙන් වැඩ කරන එකයි.
ගොඩක් අය අවශ්‍ය තරමටත් වඩා පෝෂ්‍යදායි කෑම, සමහරවිට විටමින් සප්ලිමන්ට් වර්ග පවා ගන්නවා. නමුත් හිතින් තමන් ඒ තත්වයට එන්න ඕන කියන දේ විශ්වාස කරන්නෙ නෑ. විශ්වාස කරලා ඒ තත්වයට ආවට පස්සෙ තමන්ට අනිත් අය කියන ඒව වගේම ඒ නිසාම තමන්ට වෙන්න පුලුවන් සතුට සැනසීම ගැන අදහසක්වත් හිතට ගන්නෙ නෑ. ඒනිසා කොයිතරම කායිකව අවශ්‍ය දේවල් කලත්, කෑම වර්ග ගත්තත් අත්‍යාවශ්‍ය දෙයක් වෙන මානසිකව ඒක විශ්වාස නොකිරීම නිසා ඒ තත්වය ලබාගන්න අපහසු වෙනවා. ඉතින් ඒ ආතතිය, බිය වගේ හැගීම් වලින් මිදිලා හොදට තමන් ගැන විස්වාස කරල සතුටින් ඒ කටයුත්ත කරන්න ඕන. ඒ කියන්නෙ ඔබගේ අංක 1 වෙන්න ඕන මනස ඒ අනුව හදාගෙන ඒ අනුව වැඩ කරන එකයි.

හිතට උවමනාව ආවට පස්සෙ අවශ්‍ය දේවල් ඉබේම කෙරෙන බව ඔබ විශ්වාස කරන්න. ඇත්තටම මොලේ අවශ්‍ය දේවල් කරාවි. ඔබට තියෙන්නෙ ඒ අනුව විශ්වාස කරලා වැඩ කරන එකයි. ඊලග දවසක අපි කතා කරමු, අවශ්‍ය පෝෂණ ගුණය තියෙන ආහාර ගැන ටිකක් මහත් වෙන්නට.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here