ඉන්දියාවම ගිනිතිබ්බ ලංකාවේ පද්මාවතී – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

ඉන්දීය සිනමාවේ දැවැන්ත චරිතයක් තමයි Sanjay Leela Bhansali කියන්නෙ. ඔහුගේ අළුත්ම චිත්‍රපටය පද්මාවත් 2018 ජනවාරි 25 වනදා තිරගත වීම ආරම්භකලා. ඇත්තටම මේ film එක release වෙන්න තිබුනේ 2017 දෙසැම්බර් 01 වෙනිදා. පස්සේ 2018 පෙබරවාරි 09 වෙනිදා release කරන්න හිතාගෙන හිටපු film එක ජනවාරි 25 release කරන්න පුළුවන්වුනා.

Deepika Padukone, Ranveer Singh, Shahid Kapoor මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපානවා. සන්ජයගේ 2015දී BOX OFFICE වාර්තා තිබ්බ Bajirao Mastani film එකේ ප්‍රධාන චරිත දෙකත් මේ film එකේ අපිට දකින්න පුළුවන් වෙන එකත් විශේෂත්වයක්.

මේ film එකට පාදක වෙලා තියෙන්නේ 1540 දී මලික් මොහොමඩ් ලියපු පද්මාවත් කාව්‍යයේ ඉන්න රාජපුත් වංශික රැජින පද්මාවතී. පද්මාවතී ( Deepika Padukone ) සිංහල රාජධානියේ ඒ කියන්නේ ලාංකාවේ හිටපු ඉතාමත් රූමත් කුමරිකවක් කියලා තමයි පද්මාවත් කාව්‍යයේ තියෙන්නේ. රාජ්පුත් පාලකයා වෙච්ච රතන් සිං ( Shahid Kapoor )ට ඇය ගැන දැනගන්න ලැබෙන්නේ හිරාමන් කියන කතාකරන ගිරවගෙන් කියලයි කාව්‍යයේ තියෙන්නේ. පස්සේ ඔහු ඇයව විවහා කරගන්නවා. දිල්ලියේ සුල්ලතාන්වරයා වෙචිච අලෞද්දින් ඛිල්ජිට ( Ranveer Singh )ද පද්මාවතී ගැන දැනගන්නට ලැබෙනවා. ඔහු ඇයව ලබාගැනීමට චිත්තෝර් නගරයට පහරදෙනවා. නමුත් ඔහු චිත්තෝර් අල්ලගන්න කලින් පද්මාවතී සහ සහායිකාවන් ජහුඅර් චාරිත්‍රය අනුව ගෞරවය රැකගැනීමට සියදිවි හානි කරගන්නවා

මේවෙනකොට ඇය මුස්ලිම් ආක්‍රමණිකයකුගෙන් සිය ගෞරවය ආරක්‍ෂා කරගත් හින්දු රාජ්පපුත් රැජිනක් විදිහට හදුන්වනවා.

ගොඩක් කට්ටිය හින්දි සිනමාවේ සාංගීතයට කැමති .” Ghoomar ” මේ film එකේ featuring song එක කියල කියන්න පුළුවන්

මේ film එකට ගොඩක් ප්‍රශ්ණ ආවා. CBFC එකෙන් මේ ෆිල්ම් එකට අනුමැතිය දුන්නේ නෑ . දෙසෙම්බර් අග වෙනකොට CBFC එකෙන් මෙවර් රජකීය පවුලට ආරාධනා කරලා තිබ්බ මේ film එක අනුමත කරන්න උදවු කරන්න කියලා. ඉන්දියාවේ ගොඩක් තැන්වල විරෝධතාවයන් තිබ්බ ඒ වාගේම මරණ තර්ජන වලින් නම් අඩුවක් වුනේ නෑ. Bansali ට film එකේ වෙනස්කම් ටිකක් කරන්න වුනා film එක අනුමත කරගන්න. ඒ වෙනස්කම් වලින් කටත් හොයාගන්න පුළුවන් දෙයක් තමයි film එකේ නම Padmavati ——-> Padmavat වෙච්ච එක.

බැලුවේ නැත්නම් අදම යන්න
Savoy 3D
Wellawatte

Savoy Premier
Wellawatte

Cinemax 3D
Jaela

Queens 3D
Galle

Willmax 3D
Anuradhapura

Savoy 2
Wellawatte

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here