යසෝදරාවක් වගේ වාසනාවන්ත වෙන්න – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

හොයල බැලුවාම  මුළු සම්බුද්ධ ශාසනයේම පැවැත්මට ප්‍රධානම හේතු සාධකයක් තමයි යශෝදරාව…

යශෝදරාව තරම් කැපකිරීම් කරපු කෙනෙක් සම්බුද්ධ ශාසනයේ නැහැ.

දීපංකර බුදුන්වහන්සේගෙන් සුමේධ තාපසයා වෙච්ච බෝධිසත්වයන් විවරණ ගනිද්දි, දීපංකර බුදුන්වහන්සේගේ ගිහි කාලයේ බිරිඳ, උදව් කරපු කරුණු ගැන අහල හිත පැහැදිලා හිටිය සුමිත්‍රාවත් සසර පුරාවටත් බුදු වෙන කාලය දක්වාත් පාදපරිචාරිකාව වෙන්න විවරණ ලැබිල තිබුන..

කොහොම හරි ඉතින් සංසාරේ කවදාවත් කායික වශයෙන් තියා හිතෙන්වත් බෝධිසත්වයන්ගෙන් වෙන් නොවී සීලය රැකගෙන පතිවෘතාව හැම භවයකදිම රැකගෙන හිටියා. ටිකක් හරි වෙනසක් තිබ්බෙ කුස ජාතකයේ, ඒත් අපහාස – කරදර තමයි උනේ..

සංසාරේ පුරාම බෝධිසත්වයන්ට කලින් තමන්ගේ මරණය ප්‍රාර්ථනා කරලා ඒ විදියටම හැමදාම සිද්ධ උනා. ඒවගේම බෝධිසත්වයන්ගේ ජිවිතයට තර්ජන ආපු, මැරෙන්න ගියපු හැමවෙලාවෙම බේරගත්තා.

ලේන කුලේ ඉපදිලා තමන්ගෙ දරුවන් මුහුදට ගෙනියද්දි නැට්ටෙන් මුහුද ඉහල, දරුවෝ බේරගන්න තරම් සෙනෙහසක් තිබුනු යශෝදරාව අර ජූජක බමුණට දරුවො දන් දෙද්දි ඉවසුවා, දරුවන්ට ගහමින් ගෙනියද්දිත්, අන්තිමේ තමන්ව දන් දෙද්දිත් ඉවසුවා..

ඒ තරම් උතුම් යශෝදරාවගේ කැපවීම් හරියටම සාර්ථක වෙන්නේ කායික සම්බන්ධයට වඩා අධ්‍යාත්මික බැඳීම නිසයි…
අද සමහර ගෑණු ළමයින්ට මේක අමුතු දෙයක් වේවිද මංදා. සමාජයේ මතයක් තියෙනවා අද පොඩි වයස් වල ඉදන් කායික සම්බන්ධය රාගය මත පදනම්ව බොහෝම සිදුවෙන දෙයක් බව. ඒක එක අතකින් ඇත්තක්. නමුත් නරක – හොඳ 2ම හැමදාම තියෙන දේවල්. කවදමහරි තේරිලා හැදෙන්න කාට උනත් පුලුවනි.

යශෝදරාව මේ කල්පය පහල වෙනකම්ම මේ ලෝකෙ මේතාක් පහල වෙච්ච වාසනාවන්තම කාන්තාව.  ඒ ගුණාංග එක්ක අපි මතක් කරන එක තමයි ඒ වගේ උතුම් ගුණාංග වලට කුසල් පලදීම වෙන්න ඕන.

සාමාන්‍යයෙන්  ගෑණු ළමයෙක්ට ප්‍රාර්ථනා කරන්නේ යශෝදරාව වගේ වෙන්න කියල… හැබැයි ඉතින් යශෝදරාව වගේ වෙන්න නම් සිදුහත් කෙනෙකුත් උවමනයි. එහෙම නැතිව කරන කැපකිරීම් වැරදි නැති උනත් ඵලක් වෙන එකක් නෑ, ඒවගේම ඒකට සිදුහත් කෙනෙකුත් උවමනයි.

අද තියෙන භෞතික පැත්තේ දියුණුව එක්ක, තාක්ෂණය එක්ක  මේව ගණන් නොගත යුතු දේවල් කියල හිතාගෙන ඉන්න අයත් ඉන්නවා. එයාල දන්නෙවත් නැතිව ඇති  භෞතික වශයෙන් පවා මීට වඩා දියුණු කාල මේ ලෝකෙම තිබිලා නැති වෙලා ගියපු බව.

ඒත් ඒ අධ්‍යාත්මික ගුණ වගාව නැති වෙලා නැහැ.
ගෑණු ළමයි තීරණ ගනිද්දි හොඳට හිතල බලල තීරණ ගන්න පුරුදු වෙන්න ඕන. යසෝදරාවක් වගේ වාසනාවන්ත වෙන්න ඔයාලට ආශිර්වාද ලැබේවා !

Image Source: Yashodhara Movie 2018 (බිම්බා දේවි හෙවත් යශෝධරා)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here