ඔබ මේෂ ලග්නයේද ? – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

කලින් දවසක අපි ලග්න වල ගැන පොඩි විස්තර කීපයක් කියාගෙන ගියා මතක ඇති. ඒ වෙලාවෙ අපි කිව්වා ඊලග කොටස් වලදි ලග්න 12ම ගැන පොදුවේ විස්තර පල කරන්නම් කියල.

මේෂ ලග්නයට අදාලව පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍ය අනුව ප්‍රවීණ ජ්‍යොතිර්වේදින්ගේ අදහස් අනුව මේෂ ලග්න අය මෙහෙමයි.
 මේෂ ලග්න ගැහැණු ළමයි උසස් සිතිවිලි තියෙන අධිෂ්ඨානශීලි අය වෙනව.
තමන්ගෙ සැපයට ගොඩක් කැප වෙලා වැඩ කරනවා. ඒවගේම මේෂ ලග්න ගෑණු ළමයි ආඩම්බරයි. තරමක් යටත් කරගන්න අමාරු අය තමයි මේෂ ලග්නයෙන් උපදින්නෙ.
ඉක්මණින් කේන්ති යන නිසා “ කොට කේන්තිකාරියන්“ මේෂ ලග්නයෙන් උපදිනවා. මේෂ ලග්න ගෑණු ළමයි නිතරම කැමති හැමතැනම කැපී පේන්න. සමහර වෙලාවට තමන්ගෙ පෙම්වතාට, ස්වාමියාට අවනත වෙන්නෙත් නෑ. තරමක් සැරපරුෂ ලක්ෂණ තියෙනවා ඒවගේම ස්වාමියාවත් යටත් කරගන්නත් දක්ෂ අය තමයි මේෂ ලග්න ගෑණු ළමයි. දැඩි අධිෂ්ඨානයකුත්, ඕනෑම කරදරයක් විදගෙන ඉදිරියට යාමේ උවමනාවත් නිසා දියුණුව ලබන්නත් ඔබලාට පුලුවන්. මේනිසාම ආර්ථික වශයෙන් දියුණු වෙන්නත් පුලුවන්. ඒවගේම සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්නත් හැකියාව තියෙනවා. තමන්ගේ දියුණුවම හිතන නිසා වෙලාවකට ආත්මාර්ථකාමි වෙන්නත් ඉඩ තියෙනවා, හැබැයි ඒක කේන්දරේ ග්‍රහ බලය අනුව වෙනස් වෙනව. බොහෝවිට මේෂ ලග්නයට ශුභ ග්‍රහ බලයක් ලැබුනොත් දියුණුවේ හිනි පෙත්තටම යන්නත් හැකියාව තියෙනවා.  ඕනෑම ක්ෂෙත්‍රයක් කෙරෙහි පුළුල්ව බැලීමේ හැකියාවක් පවතී.
*  මේෂ ලග්නයේ දුර්වලතා මේවායි.
නිතරම තරඟකාරිත්වයට වගේම ඕනෑම වෙලාවක  දබරයට යොමුවන ලෑස්ති අය තමයි මේෂ ලග්න ගෑණු ළමයි.
මේෂ අයට ක්ෂණික කෝපය ඇත. එසේම නම්‍යශීලිතාවයද අඩුයි. එනිසා මෙයාල එක්ක කටයුතු කරද්දි ලේසි නෑ.
ඒවගේම යම් දෙයක පරාජයකදි, අසාර්ථකත්වයකදි දැඩි විදියට කම්පා වෙනව. ඒ වගේ කාරණා ගැන හොදින් හිතලා බුද්ධියෙන් වැඩ කරනව නම් හොදයි.
ඊලග දවසේ අපි තවත් ලග්න ගැන කතා කරමු.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here