උමාඔය ජනන යන්ත‍්‍රදෙක සුළු සේවකයන් දෙදෙනෙකුගේ නමින් නම් කරයි..

0
15

හෙට දිනයේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන උමා ඔය විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක දිකිරීම් ක්‍රියාත්මක කාලයේ සේවය කල සුළු සේවිකාවන් දෙදෙනෙකුගේ නම් වලින් නම්කර ඇත.

‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙස එම බලා එම ජනන යන්ත්‍ර දෙක නම් කර ඇත්තේ ඉදිකිරීම් කාලයේ මීටර 300 ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කාර්මිකයන් සඳහා පාන වර්ග සකස්කර දීම ඇතුළු සෙසු කාර්යන් ඉටුකිරීම ඇගයීමටයි.

විදුලි බලාගාරය ජාතික පද්ධතියට එකතු කිරීමත් සමග දිනකට විදුලි නිෂ්පාදනය සඳහා වැය වූ රුග ලක්ෂ 800-1000ත් අතර ප්‍රමාණයක් රටට ඉතිරි වෙයි.

2015 වසරේ විවෘත කිරීමට නියමිතව පැවැති මෙම ව්‍යාපෘතිය විවිධ බලපෑම් නිසා 2024 දක්වා විවෘත කිරීම ප්‍රමාද වීම නිසා රටට සිදු වූ පාඩුව රු. කෝටි 4500ක් පමණ වෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here