ඒ හැගීම හරි අමුතුයි – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
11

හිත පාවෙන්නේ හරි තැන නතර වෙනකල් විතරයි. හරි තැන නතර වෙලත් ඒ හිත අතන මෙතන නතර වෙනවා නම් අන්න එතන ලොකු ප්‍රශ්නයක්.

එක හිතක් නැතිකම නිසා රටේ ලෝකේ මොන තරම් නම් ප්‍රශ්න ඇති වෙනව ද? ඇයි මිනිස්සුන්ට එක හිතකට ආදරේ කරලා ඒ කෙනා එක්ක ජීවිතේ ගොඩ නගා ගන්න බැරි? බැරිකමක් නෑ. නමුත් තියෙන දේට වැඩිය තව අංශු මාත්‍රයක් හරි වැඩි දෙයක් ලබා ගන්න මිනිස්සු ආස කරනවා. ඒකට වෙහෙසෙනවා. එතකොට මොකද්ද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ.

අලුත් රසයකට මිනිස්සු කොහොමත් ආසයි, අලුත් රසක් විඳිනකොට ඒක මහ අමුතු ආතල් එකක් කියලා ඒ වෙලාවේ හිතුණට, පස්සේ තමයි හිතෙන්න ඒකත් මොන මළ ජරාවක් ද කියලා. පස්සේ තමයි තේරෙන්නේ ඒ අත්විඳපු රසත් පරණ රස වගේමයි කියලා. හැබැයි එතකොට පරක්කුයි.

ඇත්තට හරි බොරුවට හරි ඔයා මේ වෙද්දි කී දෙනෙකුට ආදරේ කරල තියෙනවා ද? ඒ අය අතරින් කී දෙනෙක් ඔයාගේ හිතේ ඉන්නව ද? සමරහරවිට එහෙම හිටපු කෙනෙක්ව මතක් උනත්.., එහෙම කෙනෙක් හිටියා කියලා ගාණක්වක් නැතුව ඇති. මොකද ඒ කෙනාට ඔයා ළං උනේ දුර හිතලා නෙවෙයි. ඒ වෙලාවේ ඔයා හිටපු situation එක තමයි ඔයා දෙන්නව ආදරවන්තයෝ බවට පත් කළේ.. එහෙම කැඩිලා ගිය ආදර කතා ඕන තරම් තියෙනවා. එහෙම බලද්දි ඒවා කැඩිලා යන එක ඒ තරම් දේවල් නෙවෙයි.

අපි ආදරේ කරන්න ඕන අපිට ආදරේ කෙනෙකුට මිසක් අපි ආදරේ කරන කෙනෙකුට කියන කතාවේ අපි හිතන්නෙ නැති ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එහෙට මෙහෙට හැප්පිලා ජීවිතේට අත්දැකීම් එකතු උනාට පස්සේ.

එහෙම නැතුව ඔයා එයාට මැරෙන්න තරම් ආදරෙයි කියලා එයා ඔයාට බිංදුවක් ආදරේ නැතුව ඔයාව reject කරන්නම හදනවා නම් ඒ වගේ කෙනෙක් ගාව නැවතෙන එකෙන් වැඩක් නෑ.

10, 12ක් නෙවෙයි ඊට වැඩි ගාණකට හරි කමක් නෑ. තත්ත්වෙ තියාගන ආදරේ කරලා හරි කෙනාව තෝර ගන්න. මේ කියන්නේ අත්තෙන් අත්තට පැනලා චාටර් වෙන්න කියලා නං නෙවෙයි, හරි ද? හරි යන්නේ නැත්නම් බඳින්නේ හෙටයි කියලා හරි අතෑරලා දාන්න. ඒ දේ කෙනෙක්ට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔයා එක්ක රණ්ඩු කරපු ඔයාට ජීවිතේ එපා කරවපු එයා කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඔයා එක්ක බෙදා ගන්න බැරි ජීවිතේ තව කෙනෙක් එක්ක එයා ලස්සනට බෙදා ගන්නවා.

ඔය ආදරේ වෙනුවෙන් එල්ලියා මැරෙන, කෝච්චියට පැනලා නහින පරම පිවිතුරු පෙම්වතුන්ට මේක තේරෙන්නේ නෑ. එයා ඔයාව දාලා ගියා නම් කරන්න තියෙන්නේ හිටියට වැඩිය හොඳට ඉන්න එක.

හැබැයි ඉතිං හිතට දැනුන කෙනා ළඟ නැවතුනාට පස්සේ එයා එක්ක දිගටම ඉන්න පුළුවන් වෙයි කියන විශ්වාසය ගොඩ නැගුනටත් පස්සේ කවදාවත් එයාව අත්ඇර ගන්න එපා. හිත එහෙ මෙහෙ යන්න ගනී. ඒක නවත්වන්න බෑ තමයි. ඒත් පාලනය කරන්න ඔයාට බැරිකමක් නෑ.

කාගේ උනත් යටි හිතේ තියෙනවනේ මේ විදිහේ, මේ විදිහේ කෙනෙක් තමයි මට ඕන කියලා, ඉතිං ඒ වගේ හිත ඉල්ලන කෙනා ලැබිලා නම්, අඩුපාඩුවක් නැත්නම්, එතන නවතින්න. එතනින් එහාට ආය වෙන කෙනෙක් ගාවට ගියත් ඔච්චර තමයි. හැබැයි හරි කෙනා ලැබිලත් දඟලන්න හදනවා නම් දන්නෙම නැතුව හැමදේම කොයි ක්‍රමයෙන් හරි විනාස වෙලා යනවා.

අවංක ව ආදරේ කරද්දි හිතට දැනෙන සැනසීම, සතුට මේ ලොකේ කොහෙන්වත් මොන දේ කළත් ලැබෙන්නේ නෑ. ආදරේ කරන කෙනා ඔයාට බොරුවක් කළත් ඔයාගේ හිත අවංක නම් ඒ සතුට සැනසීම ඔයාට අනිවාරෙන් කවද හරි ලැබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here