කෝටි දෙකක කොකේන් සමග විදෙස් කාන්තාවෝ දෙදෙනෙක් අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
9

සිය ශරීරය අභ්‍යන්තරයේ සඟවා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ගිනි ජනරජයට අයත් වයස අවුරුදු 40 සහ 42 වියැති විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව සඳහන්.

මෙම කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මුළින්ම සියරාලියෝන් වලින් ගමන් ආරම්භ කර තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ගොස් තිබේ. ඉන්පසුව එතැන් සිට අද (20) දින උදෑසන 06.00 ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් ගිල දමා පැමිණි රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ග්‍රෑම් 500 පමණ බරැති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 40 ක් පමණ පිටතට ගෙන ඇති බව සඳහන් ය.

අත්අඩංගුවට ගත් ගිනි ජාතික කාන්තාවන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

ඔවුන් මේ පිළිබඳ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර මෙම කාන්තාවන් දෙදෙනා ගිල දමා පැමිණි ඉතිරි කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here