චීනයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ලක්ෂයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
19

චීනයේ ග්වැන්ග්ඩොන්ග් නගරයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ලක්ෂයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

චීනයේ වැඩිම ජනගහනයක් වාසය කරන ප්‍රාන්තයක් ලෙස සැලකිය හැකියි.

ග්වැන්ග්ඩොන්ග් ප්‍රාන්තයට පසුගිය දින කිහිපය පුරා ඇද හැලුනු අධික වර්ෂාවත් සමග දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

අවතැන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන ආකාරය ද මාධ්‍ය වාර්තා කළා.

ගංවතුර හේතුවෙන් ප්‍රාන්තයේ මහා මාර්ග සම්පුර්ණයෙන්ම යටව ඇති අතර ගමනාගමන කටයුතු ඇණ හිට තිබෙනවා.

ග්වැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ ගංගා රැසක් පිටාර ගැලීම හේතුවෙන් ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇති බවයි සහන කණ්ඩායම් නිවේදනය කරන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මිලියනයකට වැඩි නිවාස සංඛ්‍යාවකට විදුලි බලය ඇණහිට ඇති අතර කදවුරු 25800ක අවතැන් පිරිස් සදහා පහසුකම් සපයා ඇති බව වාර්තා වනවා.

 

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here