තායි නිරූපිකාවකගේ සිරුර බහරේනයේ මෘත ශරීරාගාරයකින් සොයාගැනේ | Saru News Media

0
24

වසරක පමණ සිට අතුරුදන්ව සිටි තායි නිරූපිකාවකගේ සිරුර බහරේනයේ මෘත ශරීරාගාරයකින් සොයාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කාරනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 31 හැවිරිදි කයිකන් කාන්නාකම් නැමැති තායිලන්ත නිරූපිකාවකගේ සිරුර බවයි වාර්තා වන්නේ.

චයිනා ටයිම්ස් පුවත්පතට අනුව මෙම නිරූපිකාව තම මව් රටෙන් පිටව බහරේනයේ අවන්හලක රැකියාවක් සඳහා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

නිතිපතා සමාජ මාධ්‍යවල ඡායාරූප සහ විවිධ සටහන් පළ කිරීමට පුරුදුව සිටි ඇයට බහරේනයේ දී පෙම්වතෙක් මුණගැසී එම බහරේන් පෙම්වතා සමඟ එකට ජීවත් වීමට පටන් ගත් බව ඇගේ පවුලේ අයට පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ඇය සම්බන්ධයෙන් 2023 අප්‍රේල් මාසයේ සිට තොරතුරක් දැනගන්නට නොමබුනු බවයි අයගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

ඔවුන්ට ඇයව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ද උත්සාහ කර ඇති අතර එයට ද හැකියාව ලැබී නැහැ.

කයිකාන්ගේ පවුලේ අය මේ වසරේ ජනවාරි මාසයේ දී බහරේනයේ තායි තානාපති කාර්යාලයෙන් උපකාර පැතූ නමුත් ඔවුන්ට ඇයව සොයා ගැනීමට හැකියාව ලැබී නොමැති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් 18 වනදා තායි තානාපති කාර්යාලය පවුලේ අයට පවසා ඇත්තේ නාඳුනන අග්නිදිග ආසියානු කාන්තාවකගේ සිරුරක් සල්මානියා වෛද්‍ය සංකීර්ණයේ මෘත ශරීරාගාරයේ ඇති බවයි.

ඇයගේ කකුලේ පච්චයක් ද කොටා ඇති බව දැනුම් දී ඇති අතර, එම සලකුණු මඟින් ඇගේ පවුලේ සාමාජිකයින්ට එම මෘත ශරීරය කයිකාන් කාන්නාකම්ගේ බව තහවුරුකරගෙන තිබෙනවා.

ඇයගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ මත්පැන් විෂ වීම හේතුවෙන් උග්‍ර හෘද සහ පෙනහළු ආසාදනයක් බවයි.

මේ අතර කයිකාන්ගේ පවුලේ සාමාජිකයින් ඇයගේ දේහය ආපසු ගෙන්වා ගැනීමට උපකාර සොයමින් සිටින අතර, ඇයගේ මරණය සැක සහිත බවයි ඔවුන් පවසන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here