නාමල්, රනිල්ට තදින්ම විරුද්ධයි !

0
14

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් නොකළ යුතු බවට නාමල් රාජපක්ෂ තවදුරටත් පක්ෂය තුළ බරපතළ හඬක්

නඟමින් සිටින තත්ත්වය තුළ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන තෙක් තම පක්ෂයේ අපේක්ෂකයා කවුද යන්න නිල වශයෙන් නොදන්වා සිටින්නට තීරණය කර ඇතැයි බැසිල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහට පවසා ඇතැයි කරුණු වාර්තා වෙයි.

පසුගිය දා ජනාධිපතිවරයා පදිංචි පැජට් පාරේ නිවසේදී රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක් පැවතී ඇති අතර එම හමුවට ප්‍රථම නාමල් රාජපක්ෂ ප්‍රකාශකර ඇත්තේ තවදුරටත් වික්‍රමසිංහ හට සහාය දීම හමුවේ දැනට ඉතිරිව සිටින පක්ෂ ආධාරකරුවන්ද පක්ෂය අතහැර යනු ඇති බවය.

ඉදිරි ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ පොහොට්ටු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නට සූදානම් වුවත් එම මැතිවරණය අනිවාර්යයෙන්ම පරදින මැතිවරණයක් බැවින් මහින්ද රාජපක්ෂ එයට තදින් විරුද්ධ බව වාර්තා වෙයි.

මෙම තත්ත්වය තුළ පක්ෂයේ ප්‍රබලයින් බොහෝ දෙනෙක් නාමල් රාජපක්ෂ වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පක්ෂය විසින් නොකළ යුතු බවය..

(anidda.lk – කේ. සංජීව)


 


Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here