පහු පහු වෙද්දි කොහු කොහු වෙන්නෙ ඇයි? – Saru News Media

0
57

“පහු පහු වෙනකොට කොහු කොහු වෙනව” කියල අහල තියෙනවද? හැබැයි ගොඩක් වෙලාවට අපි වර්තමානයේ දකින දෙයක් තමයි ඉක්මන් විවාහ වලට පෙලඹීම වගේම ඉක්මන් දික්කසාද වලට යෑම. ඉතින් අපි අද හිතුවා මේ මාතෘකාව ගැන අපේ Relationship Article Series එකෙන් කතාකරන්න.

ගොඩක් වෙලාවට අපි මේ වගේ ප්‍රශ්න නිතරම වගේ කාන්තා සමූහයන් තුලදි දකිනවා. ප්‍රශ්නයක් වුන ගමන් දික්කසාද වෙන්න කියන උත්තරේ මෑත කාලීනව ඉතාම සුලබ වෙලා තියෙනවනෙ.

ඉතින් ඇත්තටම පහු පහු වෙද්දි විතරමද කොහු කොහු වෙන්නෙ කියල තමයි අපි මේ අද කතා කරන්න යන්නෙ.

මුලින්ම අපි බලන්න ඕන ඇත්තටම ඇයි මේ පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් දෙන්න විරසක වෙන්නෙ සහ ඒකට බලපාන හේතු මොනවද කියල.

1-      නොගැළපෙන අදහස්

“එයාගෙයි මගෙයි අදහස් ගැළපෙන්නෙ නෑ, අපි ඩිවෝස් වෙන්න හිතුවෙ ඒකයි” ගොඩක් වෙලාවට සබඳතාවයක්, විවාහයක් වේවා ප්‍රේමයක් බිඳ වැටෙද්දි ඒ දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් හරි කියන කතාවක්නෙ ඔය අදහස් ගැලපෙන්නෙ නෑ කියන එක.

සමහර මිනිස්සු මේ යාලුවෙලා හරි බැඳල හරි ගොඩක් කල් එකට ඉඳපු අය. ඒත් ජීවිතේ මුල් කාලෙදි ගැලපිච්ච අදහස් පස්සෙ පස්සෙ නොගැලපෙන බව එයාලා හිතට කියල දීල තියෙනවා.

සමහර වෙලාවට සබඳතාවයකට විශේෂයෙන්ම විවාහයකට එලඹෙද්දි අපි “එයා මෙහෙම කරාවි, අපිට මෙහෙම ජීවත් වෙන්න පුලුවන්” කියල එක එක විදියෙ Expectations තියාගන්නව. ඒක සාමාන්‍ය දෙයක්. ලබන අවුරුද්දෙ මෙහෙම කරනව, ඊට පස්සෙ තමයි බබාලා හදන්නෙ වගේ ප්ලෑන් දාගෙන හිටියට බැන්දට පස්සෙ ඔය තීරන වෙනස් නොවෙනවාම නෙවෙයිනෙ.

අන්න එතනදි ගොඩක් වෙලාවට මේ ඝට්ටන ඇතිවෙනවා.  ඒ ඝට්ටන දෙදෙනා අතර විරසකයක් හෝ හිත් අමනාපයක් ඇති කරන්න හේතුවක් වෙනවා.

2-      බාහිර බලපෑම්

බහුතරයක් සබඳතා, බැඳීම් වලට හෙණ ගහන්නෙ මේ බාහිර බලපෑම් නිසා කියල අපි දන්නවනෙ. මේ බාහිර බලපෑම් කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ එයාගෙ හරි මෙයාගෙ හරි පවුලෙ අය උනාට මූල්‍ය ගැටලු, අධ්‍යාපන තත්ත්වයන්, රැකියාවේ උසස්වීම් වගේ දේවලුත් සමහරවෙලාවට මේ බාහිර බලපෑම් අතර මුල් තැනක් ගන්නවා.

සමහර වෙලාවට අපි මේ බාහිර බලපෑම් මත ඕනවටත් වඩා අපිව සහ අපේ සබඳතාවය Depend කරන්න උත්සහ නොදරනව නෙවෙයි.බැඳීමක් කියන්නෙ දෙදෙනෙක් එක්කහු වෙලා කරන දෙයක්.විශේෂයෙන් විවාහයක් උනාම ඒ විවාහ වෙච්ච ජෝඩුව කියන්නෙ වෙනම පවුලක්. එතනදි ඔය එලියෙන් මොන ජාතියේ බාහිර බලපෑම් ආවත් ඊට වඩා අපේ සබඳතාවය වටිනව නේද කියල හිතන්න අපිට පුලුවන් කම තියෙන්න ඕන

3-      අතීත ප්‍රශ්න

අතීත ප්‍රශ්න කියන එකේ අදහස මේ එයාට හරි මෙයාට හරි මේ සම්බන්ධෙට කලින් තිබුන සම්බන්ධකම් නම් නෙවෙයි. පරණ නය ගත්තුව, නඩු හබ වගේ දේවල් වගේම වර්තමානයට අරගෙන ආවෙ නැතුවට අතීතයේ තිබිච්ච නරක පුරුදු වගේ දේවල් ඔයාගෙ වර්තමානයට ඇවිත් හොල්මන් කරන්න පුලුවන්. ඒ හොල්මන් වලට පුලුවන් ඔයාලා දෙන්න අතරෙ තියෙන හොඳම හොඳ සබඳතාවය විනාශ කරල දාන්න.

මේව ලොකුවටම ප්‍රශ්නෙ වෙන්නෙ අලුත් බැඳීම පටන්ගද්දි ඒමනුස්සයට මේව හංගල කරෝතින් තමයි. ඒ නිසා සබඳතාවයක් ඇතුලෙ අවංක වෙන්න හැමතිස්සෙම උත්සහ කරන්න. ඒකෙන් ඔය ඕන නැති ප්‍රශ්න ජීවිතේට එන එක අඩු කරගන්න පුලුවන්.

4-      හදිසි තීරණ

හදිසි තීරණ තමයි ගොඩක් ප්‍රශ්නවලට හේතුවක් වෙන්නෙ. සමහරු විවාහයකට උනත් යන්නෙ හදිසියෙනෙ. “එයා රට යන හන්දා බැන්ද, මගෙ වයස යන හන්ද බැන්දා” වගේ හේතු වලිනුත් කසාද බඳින අය ඉන්නවනෙ. ඔයා එයාව බැන්දත් නැතත් වයස යනව. මොකෝ බැන්දම වයස නවතින්නෙ නෑනෙ. ඒ නිසා කිසිම වෙලාවක විවාහය වගේ නීතිමය බැඳීමකට යටත්වෙද්දි හදිසි තීරණ අරගන්න එපා.

විවාහයක් වෙන්න ඕන එකිනෙකාව හොඳින් තේරුම් ගෙන. එකිනෙකාව කියන එකෙන් අදහස් කරන්නෙ එයා ජීවත්වන වටපිටාව, එයාගෙ හැසිරීම්, ගතිගුන වගේ හැම දෙයක්ම ඔයාට ගැලපෙනවද, ඔයාට ඔරොත්තු දෙනවද කියන එක.

දැක්ක ගමන් හිත ගිය කොච්චර හොඳ මනුස්සයෙක් එක්ක උනත් අපිට සමහරවිට ජීවත් වෙන්න අමාරු වෙයි අපි දෙන්න ගැලපෙන්නෙ නැත්තම්. හම්බෙලා ඇති නේද “අපරාදෙ ඩිවෝස් උනේ හරි ශෝක් ජෝඩුව” කියල මිනිස්සු කියන ඇත්තටම හොඳ ඒත් විවාහයෙන් මිදිච්ච මිනිස්සු. වෙන වෙනම ගත්තම ඒ දෙන්න හොඳ උනාට එකට ජීවත් වෙච්චි ඒ හොඳකමම තමන්ට ඔරොත්තු නොදෙන බව තේරම් යනවා.

ආදරයක් ඇති වෙන්න යන්නෙ පොඩි වෙලාවක් වෙන්න පුලුවන්. බැඳීමකින් මිදෙන්න යන්නෙත් ඒ වගේම පොඩි කාලයක් වෙන්න පුලුවන්, ඒත් අමතක කරන්න එපා ඒ බිඳුන බැඳීම හන්ද වෙච්ච හිත් රිදීමෙන් මිදෙන්න සෑහෙන කාලයක් යන්න පුලුවන්.

ඒක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි.

ඕනම බැඳීමක් ඇතුලෙ Effective Communication වලට ලොකු තැනක් ලැබෙන්නෙ අන්න ඒ හන්ද. ප්‍රශ්න ඇතිවෙන එක ඉතාම සාමාන්‍යයි විවාහයක් ඇතුලෙ. හැබැයි ඔයා ඒ ප්‍රශ්නෙ ගැන මුලින්ම කතාකරන්න ඕන එයා එක්ක. එහෙම නැතුව අල්ලපු ගෙදර අක්ක, නැන්ද, මාමා එක්ක නෙවෙයි. විවාහය ගෙනියන්නෙ ඔය දෙන්න. ප්‍රශ්නයක් වෙන්න දෙපැත්තෙම හේතු තියෙන්න පුලුවන්. ඒ හේතු අඳුනන්නෙ ඔයාලා දෙන්න. ඉතින් ඉස්සෙල්ල එයත් එක්ක ප්‍රශ්නෙ ගැන Effectively Communicate කරන්න. මොකද හිස කැක්කුමට කොට්ටෙ මාරු කරල වැඩක් නෑනෙ. ලෙඩේ තමයි හොයාගන්න ඕන.ලෙඩේට හේතුවයි හොයාගන්න ඕන.

Professional Help කියන දේ ගැන සමහරු සුලුවෙන් තැකුවට මේවගේ තැනකදි Professional Support එකක් හරිම වැදගත්. හිත සනසගන්න කියල හිතාගෙන අපි යාලුවන්ට ප්‍රශ්න කියනව. ඒක කමක් නෑ. ඒත් ප්‍රශ්නෙට හොඳම විසඳුමක් හොයාගන්න ඔයා අනිවාර්‍යෙන්ම Professional Support එක ගන්නම ඕන. ඒ වගේ දේකට ඔය දන්න අඳුනන අක්කල, නංගිලගෙන් උත්තර හොයන්න එපා. එයාලා ඔයාට නරකක් කරන්නෙ නෑ. ඒත් ඒ ඔයාගෙ යාලුවො. එයාලා කොහොමත් ඔයාගෙ පැත්තට වඩා නැඹුරුයි. කතාවක එක පැත්තක් විතරක් අහල අපිට ප්‍රශ්නෙ විසඳන්න බෑනෙ. ඒ නිසා තමයි Professional Support කියන Third Party එක වැදගත් වෙන්නෙ.

Self-Love සහ Healing කියන දේත් වැදගත්. ජීවිතේ එන හැම ප්‍රශ්නයක්ම හිතට වේදනාවක් ගෙනාවත් අපිට හැමදාම හැම ප්‍රශ්නයක් ඉස්සරහම කඩා වැටෙන්න බෑ. මොන ප්‍රශ්නෙ ඉස්සරහදි උනත් ඔයා අමතක කරන්න එපා ඔයාට ඔයාව ගොඩක් වටින බව. කවුරු ඔයාට ආදරේ නොකලත් ඔයා ඔයාට ආදරය කරන්න ඕන. ඔයා ඔයාට දෙන ඒ Self Love එක ඔයාව සෑහෙන Heal කරන්න උදව්වක් වෙනව!

ඉතින් අමතක කරන්න එපා, මේ වගේ ප්‍රශ්නකට මුහුණ දීල නම් ඉන්නෙ මේ වෙද්දි අපිට Inbox පණිවිඩයක් තියන්න. ඔයා වෙනුවෙන් නිර්දේශ කරන්න පුලුවන් Professional Support එකක් ලබා දෙන්න අපි හැමදාමත් වගේ සූදානම්!

ඒ වගේම තමයි Smart Lady Group එකත් සමහ ඔයා Anonymously බෙදාගන්න ඔයාගෙ ගැටලුවේ රහස්‍යභාවය, ඔයාගෙ අනන්‍යතාවයේ රහස්‍යභාවය අපි 100%ක්ම රකිනවා.

ඉතින්, විඳවන්න එපා. ජීවිතය විඳින්න පාර කපාගන්න අපිට පුලුවන්!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here